Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
07
ඇපල් සමාගම ඔවුන්ට වන්දි ගෙවන්න සූදානමින්ද..? තෝරාගත් පරිශීලකයින් පිරිසකට ලැබෙන්න යන දේ මෙන්න..

- ඇපල් සමාගම ඔවුන්ට වන්දි ගෙවන්න සූදානමින්ද..? තෝරාගත් පරිශීලකයින් පිරිසකට ලැබෙන්න යන දේ මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

296 Views

මේ කියන්න යන්නේ තවත් වෙනස් විදිහක ආරංචියක්.. ඇපල් සමාගම ඔවුන්ට වන්දි ගෙවන්න සූදානමින්ද..? 


නව කෘත්‍රිම බුද්ධි (AI) විශේෂාංග සහ හැකියාවන් පිළිබඳව ජනතාව නොමඟ යැවූ බවට එල්ල වූ චෝදනා සහිත නඩුවක් අවසන් කිරීම සඳහා, තෝරාගත් iPhone ගැනුම්කරුවන්ට සමූහ වශයෙන් ඩොලර් මිලියන 250ක වන්දියක් ගෙවීමට ඇපල් (Apple) සමාගම එකඟ වී තිබෙනවා.

ඇපල් සමාගම කිසිදු වරදක් පිළිගෙන නැතත්, පසුගිය වසරේ ගොනු කරන ලද විශාල ඒකාබද්ධ සමූහ නඩුවක හිමිකම් විසඳීම සඳහා මෙම ගිවිසුමට එකඟ වී ඇති අබ්වයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙම නඩුව මගින් ඇපල් සමාගමට චෝදනා එල්ල වූයේ, ඔවුන්ගේ 'Siri' හඬ සහායකයා වැඩි දියුණු කිරීම ඇතුළු "Apple Intelligence" ලෙස හැඳින්වූ iPhone හි AI විශේෂාංග පිළිබඳව අසත්‍ය ප්‍රචාරණයන් සිදු කළ බවටයි.

ඒ අනුව, 2024 ජූනි සහ 2025 මාර්තු අතර කාලය තුළ අමෙරිකාවේදී iPhone 15 සහ iPhone 16 මිලදී ගත් පුද්ගලයින්ට ඇපල් සමාගම ඩොලර් 25ත් 95ත් අතර මුදලක් ගෙවනු ඇති.

ඇපල් සමාගමේ ප්‍රකාශිකාවක් පවසා ඇත්තේ, මෙම නඩුව අවධානය යොමු කර ඇත්තේ ඔවුන්ගේ Apple Intelligence ව්‍යාපෘතිය යටතේ නිකුත් කරන ලද බොහෝ විශේෂාංග අතරින් අමතර විශේෂාංග දෙකක් ලබා දීම පිළිබඳව පමණක් බවයි.

"අපගේ පරිශීලකයින්ට වඩාත් නව්‍ය නිෂ්පාදන සහ සේවාවන් ලබාදීම කෙරෙහි දිගටම අවධානය යොමු කිරීම සඳහා අපි මෙම කරුණ විසඳා ගත්තෙමු," යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළා.

පසුගිය සතියේ ඉදිරිපත් කරන ලද සංශෝධිත පැමිණිල්ලේ නීතිඥයින් කියා ඇත්තේ, නව AI විශේෂාංග පිළිබඳ ඇපල් සමාගමේ අලෙවිකරණ ප්‍රයත්නයන් අසත්‍ය ප්‍රචාරණයට සමාන වන බවයි.

"ඇපල් සමාගම එම අවස්ථාවේ නොතිබූ, දැනුත් නොමැති, සහ තවත් වසර දෙකක් හෝ ඊට වැඩි කාලයක් යනතුරු (ඇතැම්විට කිසිදාක) බිහි නොවන AI හැකියාවන් ප්‍රවර්ධනය කළා. ඔවුන් මේවා හැඳින්වූයේ සුවිශේෂී නව සොයාගැනීම් ලෙසයි," යනුවෙන් නීතිඥයින් සඳහන් කර තිබෙනවා.

OpenAI සහ Anthropic වැනි නව සමාගම් විසින් මෙහෙයවනු ලබන තාක්ෂණික තරගයේදී අනෙකුත් දැවැන්ත සමාගම් සමග කරට කර සිටීමේ උත්සාහයක් ලෙස ඇපල් සමාගම මෙම AI ව්‍යාපාරය දියත් කළ බවයි ඔවුහු වැඩිදුරටත් පැවසූවේ.

ධුරයෙන් ඉවත්ව යන ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් (Tim Cook) ද වසර ගණනාවක් පුරා ඇපල් නිෂ්පාදන සම්බන්ධයෙන් ප්‍රමාණවත් තරම් නව්‍යකරණයක් සිදු නොකිරීම පිළිබඳව විවේචනයට ලක් වුණා.

එමෙන්ම 'Siri' හඬ සහායකයා සීමිත සේවාවක සිට පූර්ණ කෘත්‍රිම බුද්ධි සහායකයෙකු (personal AI assistant) දක්වා පරිවර්තනය කරන බවට ඇපල් සමාගම ලබා දුන් පොරොන්දුව අසත්‍ය බවට මෙහිදී චෝදනා එල්ල වී තිබෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top