ඒ අනුව, වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (08) පාර්ලිමේන්තු සභාවාරයේදී මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියා. ඇය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
ලෝකයේ බොහෝ දියුණු රටවල් මේ වන විටත් කුඩා දරුවන්ට සෝෂල් මීඩියා ගිණුම් පැවැත්වීම නීතියෙන්ම සීමා කරමින් පවතින පසුබිමක, ලංකාවේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය ගන්න යන මේ දැඩි උත්සාහය ගැන ඉදිරියේදී තවත් තොරතුරු බලාපොරොත්තු විය හැකියි.