ඒ, එළඹෙන 2027 නව පාසල් වර්ෂය වෙනුවෙන් තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි/පැවිදි සිසුන් සහ සීලමාතාවන් සඳහා නොමිලේ පාවහන් යුගලයක් බැගින් ලබාදීමේ දැවැන්ත වැඩපිළිවෙළට කැබිනට් අනුමැතිය හිමිවීමයි.
පසුගිය 2026 වර්ෂයේදීත් ක්‍රමවේදයන් දෙකක් යටතේ මුළු පාසල් සහ පිරිවෙන් සිසුන් 836,571ක් වැනි දැවැන්ත පිරිසක් ආවරණය කරමින් මේ පාවහන් බෙදාදීමේ වැඩසටහන ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කර තිබුණා.
ඉතින් මෙවර විශේෂත්වය වෙන්නේ, 2027 වර්ෂයට අදාළ මේ පාවහන් ලබාදීමේ වැඩසටහන 2026 වර්ෂයේ තෙවන පාසල් වාරය අවසාන වෙන්න කලින්ම සිසුන් අතට පත්කර අවසන් කිරීමටයි රජය සැලසුම් කර තිබෙන්නේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අනුව, මෙම වැඩපිළිවෙළ පළාත් මට්ටමින් ක්‍රමවේද දෙකක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිතයි...
බස්නාහිර, දකුණ, සබරගමුව, නැගෙනහිර සහ වයඹ යන පළාත්වලට අදාළව, දේශීය පාවහන් නිෂ්පාදකයන් විසින් කෙලින්ම පාසලටම ගෙනැවිත් ලබාදෙන පාවහන් මිලදී ගෙන සිසුන්ට බෙදා දෙනු ඇත.
මධ්‍යම, උතුර, උතුරුමැද සහ ඌව යන පළාත්වලට අදාළව වෙළෙඳපොළෙන් තමන්ට කැමති පාවහන් මිලදී ගැනීම සඳහා, තෝරාගනු ලබන සිසුන් සහ සීලමාතාවන් වෙනුවෙන් එක් අයෙකුට රුපියල් 3,000/-ක වටිනාකමකින් යුත් තිළිණපතක් බැගින් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.