ඒ තමයි උසස් පෙළ "වෘත්තීය විෂය ධාරාව"
ඔන්න ඉතින් 2026/2027 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් මේ වෘත්තීය විෂය ධාරාවේ 12 ශ්‍රේණියට අලුතින්ම සිසුන් බඳවා ගන්න අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අද (25) නිල වශයෙන් අයදුම්පත් කැඳවලා තියෙනවා.
2025(2026) වසරේ හෝ පසුගිය වසර 3ක් ඇතුළත O/L විභාගයට පෙනී සිටි ඕනෑම සිසුවෙකුට/සිසුවියකට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්.
මෙතන තියෙන ලොකුම වාසිය තමයි, මේ විෂය ධාරාවට ඇතුළත් වෙන්න O/L රිසල්ට්ස් බලන්නේ නැහැ...
මේක නිකන්ම නිකන් ඒ ලෙවල් කරනවා වගේ වැඩක් නෙවෙයි. 12 සහ 13 ශ්‍රේණිවල පාසල් අධ්‍යාපනය ලබන අතරතුරම, දේශීය වගේම විදේශීය රටවලත් ඉහළම පිළිගැනීමක් තියෙන NVQ Level 4 වෘත්තීය සුදුසුකම නොමිලේම ලබාගන්න සිසුන්ට අවස්ථාව ලැබෙනවා.
සිසුන් තෝරාගන්නා ක්ෂේත්‍රය අනුව, රජයේ වෘත්තීය පුහුණු ආයතනයක් මඟින් ලබාදෙන NVQ 4 මට්ටමේ පුහුණුව සඳහා පාසල විසින්ම සිසුන්ව යොමු කරනවා. ඒ කියන්නේ වෘත්තීය පුහුණු ආයතනයක විතරක් නෙවෙයි, සිරාම රැකියා ස්ථානයක ප්‍රායෝගික පුහුණුව ලබන්නත් මෙතනදී චාන්ස් එක ලැබෙනවා.
මේ සහතිකය ගත්තට පස්සේ රස්සාවක් හොය හොයා ඉන්න ඕනේ නැහැ, කෙලින්ම දේශීය හෝ විදේශීය සුපිරි රැකියා අවස්ථා, උසස් අධ්‍යාපනය හෝ ස්වයං රැකියා (Business) ක්ෂේත්‍රවලට සෘජුවම පිවිසෙන්න පුළුවන්.
මේ වැඩසටහන යටතේ අද කාලේ ලෝකෙම ඉල්ලුමක් තියෙන සුපිරිම කැටගරි රැසක පුහුණුවීම් ලැබෙනවා...
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)
සංචාරක හා ආගන්තුක සත්කාරය (Tourism & Hospitality)
මෝටර් රථ හා රථ වාහන තාක්ෂණ ශිල්පය
සෞඛ්‍ය හා සත්කාර සේවා (Caregiving)
රූපලාවන්‍ය ශිල්පය (Beauty Culture)
ප්‍රාසාංගික කලා, ආහාර නිෂ්පාදනය සහ ඇඟලුම් ක්ෂේත්‍රය
විදුලිය, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, ඉදිකිරීම් කර්මාන්තය
කෘෂි, වැවිලි කර්මාන්තය, ක්‍රීඩා, ජීවිතාරක්ෂක හා කිමිදුම් ශිල්ප ඇතුළු ක්ෂේත්‍ර රැසක්...
ඔයා මේ විෂය ධාරාව හදාරන්න කැමති නම්, අදාළ පාසලේ විදුහල්පතිතුමා වෙත 2026 ජූලි 08 වන දිනට පෙර අයදුම්පත්‍රයක් යොමු කරන්න ඕනේ. Application එක ඩවුන්ලෝඩ් කරගන්න වෙබ් අඩවිය: www.moe.gov.lk
වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ "සැමට අධ්‍යාපන ශාඛාව" හරහා ලබාගන්න පුළුවන්.