හැබැයි, ඒ හැමෝටම නීතිය කියන්නේ සෙල්ලමක් නෙවෙයි කියලා කෙලින් මුහුණටම කියපු අපූරු පොලිස් නිලධාරියෙක් ගැන අද මුළු රටේම අවධානය යොමු වෙලා තියෙනවා.
සිදුවීම වෙලා තියෙන්නේ මෙහෙමයි. සුපිරි වාහනයකින් ආපු පුද්ගලයෙක් අතින් පාරේදී පැහැදිලි රථවාහන වැරැද්දක් සිද්ධ වෙලා තියෙනවා. ඒ අවස්ථාවේ එතන රාජකාරියේ හිටපු පොලිස් නිලධාරියා ඉතාමත් විනීතව වගේම පැහැදිලිව මේ රියදුරාට ඔහු අතින් වෙච්ච වැරැද්ද පෙන්වලා දීලා තියෙනවා. හැබැයි තමන් අතින් වුණු වැරැද්ද පිළිගන්නවා වෙනුවට, මේ වාහනේ ආපු මනුස්සයා උත්සාහ කරලා තියෙන්නේ තමන්ගේ තාත්තා ගැන කියලා පොලිස් නිලධාරියාව බය කරන්නයි.
ඒ වෙලාවේ මේ කෙලින් වැඩ කරන නිලධාරීතුමා, අර පුද්ගලයාගේ තාත්තාගේ ලොකුකම්වලට පොඩ්ඩක්වත් සැලෙන්නේ නැතුව, නීතිය අකුරටම ක්‍රියාත්මක කරමින් දුන්නු උත්තරය ඇත්තටම වටිනවා... ඔහු පෙන්වා දී ඇත්තේ තමන් කරන්නේ රාජකාරියක් බවත්, වැරැද්දක් කළේ කවුරුන් වුවත් නීතිය සැමට පොදු බවත්ය.
තාත්තලා, බාප්පලා කොච්චර ලොකු තැන්වල, ඉහළ පුටුවල හිටියත්, හැමෝටම එකම නීතියක් ක්‍රියාත්මක වෙනවා නම් ඒක මේ මුළු සමාජයටම කරන ලොකුම යහපතක්. අද මුළු රටම මේ පොලිස් නිලධාරියාට ප්‍රණාමය පුද කරන්නේ, මෙවැනි කොන්ද පණ ඇති, කාටවත් නැමෙන්නේ නැති කෙලින් වැඩ කරන නිලධාරීන් අපේ රටට අද වෙන කවදාටත් වඩා අවශ්‍ය නිසාවෙනි.