ඔහු ශරීරයෙන් අපි අතරින් සමුගෙන ගියත්, ඔහු සමාජයට දායාද කළ කලාව නිසාම ඔහු සදාකාලිකවම ප්‍රේක්ෂක හදවත් තුළ ජීවත් වෙනවා.
ඔන්න ඉතින් අද (08) දිනට මේ ආදරණීය කලාකරුවාගේ උපන්දිනය යෙදී තිබෙනවා. අප්පච්චි ළඟ නැති අඩුව තදින්ම දැනෙන මේ සුවිශේෂී දවසේ, ඔහුගේ ආදරණීය පුත්‍රයෙක් වන ජනප්‍රිය රංගන ශිල්පී අකිල ධනුද්ධර තමන්ගේ නිල මුහුණු පොත හරහා අප්පච්චිට උපන්දිනයට සුබ පතමින් කාගේත් හදවත කම්පා කරවන, නෙතට කඳුළු උනන ආදරණීය සටහනක් තබා තිබුණා.
අකිල ධනුද්ධර තැබූ ඒ සංවේදී සටහන මෙන්න:
"සසරේ පතා මම ඔබ සොයා ආවෙමි
පුතු වී ඔබේ රුධිරේ බෙලෙන් උපන්නෙමි
දහඩිය හෙළා,කදුලැලි දරා,සෙනෙහස පුදා...
මා දැඩි කලා
සසරේ පතා මම ඔබ සොයා ආවෙමි
පුතු වී ඔබේ රුධිරේ බෙලෙන් උපන්නෙමි
සුභ උපන්දිනයක් අප්පච්චි"