ඔහුගේ මේ හදිසි වියෝව රසික හදවත් මෙන්ම කලාකරුවන්ගේ දෑසට කඳුළු එක් කළ පුවතක් වුණා.
තම කලා ජීවිතයේ රංගන ගුරුතුමන්ට හිමි ගෞරවය සහ ආදරය පුද කරමින් ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා සිය මුහුණුපොතට එක් කර තිබූ ඒ සංවේදී සටහන මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.
ඔහු එම සටහන තබා තිබුණේ මෙලෙසින්..
"රඟමඬල ජයගන්නට මට අත්පොත් කළ ඇදුරුතුමාණනි..., ඔබට සුබ ගමන්....
ආ ගමන් මඟ සෙවනක් වුණා ඔබ හමා සිහිලැල් පවනක්ව, තිමිර බිඳලා කිරණ විදහා ආලෝකයෙන් මඟ පෙන්වනා, රඟමඬල මත නැගී ඉන්නට වාරුවක් දුන් ඔබ අපට, හුදකලාවේ අද වෙන්ව ගිය අයුරු දැනේ පාරමින් මා හද.."
කමල් අද්දරආරච්චි මහතා මෙසේ සිය ගුරුතුමන්ව සිහිපත් කර තිබුණේ එදා මෙදාතුර තමන් සහ ගාමිණී සමරකෝන් මහතා ගත කළ සොඳුරු මතකයන් පිරි ඡායාරූප කිහිපයක් ද සමාජ මාධ්‍ය වෙත එක් කරමින්.
මේ මහා කලාකරුවාණන්ට සුබ ගමන් පතන අතරම, ඔහුගේ අඩිපාරේ ගිය අනුගාමිකයන් ඇතුළු රසිකයන් බොහෝ දෙනෙක් මේ වෙනුවෙන් සිය ශෝකය පළ කර තිබුණා.