පන්ති භේදයකින් තොරව පොදු ජනතාවගේ දුක, සතුට තමන්ගේ මියුරු හඬින් ස්පර්ශ කරපු චාමර, අද දවසේ මුහුණු පොතට එකතු කරලා තිබුණේ මුළු රටක්ම හඬවපු ඉතාමත් සංවේදී සටහනක්.
අද උදෑසන මුළු ලංකාවම කම්පා කරමින්, ක්ෂේත්‍රයේ වගේම රටේම ආදරය දිනා සිටි දක්ෂ ගායන ශිල්පී රුක්මන් අසිත මෙලොවින් සමුගෙන තිබුණා. ඔහුගේ මේ හදිසි වෙන්වීම රසිකයන්ට වගේම සමකාලීන කලාකරුවන්ටත් දරාගන්න බැරි ලොකු කණගාටුවක් වුණා.
තමන්ගේ සමීපතම කලාකරුවෙකු මෙන්ම ආදරණීය මිතුරෙකු වූ රුක්මන් අසිතගේ නික්ම යාම හමුවේ ගායන ශිල්පී චාමර වීරසිංහ තමන්ගේ නිල මුහුණු පොත හරහා මෙන්න මෙවැනි සංවේදී සටහනක් තබා තිබුණා.
"පිපෙන හැම මලක්ම පවසාවි ජීවිතය යනු පරවීම බව"
රුකා.... උතුම් වූ නිවන දුර නොවේවා!
නිවන් සුව වේවා !"
ජීවිතයේ අනිත්‍ය බව පසක් කරමින්, කලාවට තවත් බොහෝ දේ ඉතිරි කර තිබියදී මෙලෙස සමුගත් රුක්මන් අසිතගේ අකාලයේ වෙන්වීම දරාගත නොහැකි ශෝකයකි..