කාලෙන් කාලෙට විවිධ මාතෘකා ඔස්සේ ප්‍රේක්ෂකයින් අතරට එන ඇයට පසුගියදා බොහොම විශේෂ දවසක් උදා වෙලා තිබුණා.
ඇයට විශේෂ වූ මේ දිනයේදී ඇයව පුදුම කරවන්නත්, ඇයට ඒ දවස සුවිශේෂී කරවන්නත් ඇගේ පවුලේ අය වගේම හිතවතුන් බොහොම දෙනෙක් එකතු වෙලා හිටියා. මේ ලැබුණු ආදරය ගැන කේ. සුජීවා තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමේ බොහොම සංවේදී සටහනක් පළ කරලා තිබුණා.
කේ. සුජීවා කියන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන ආදරණීය අම්මා කෙනෙක් කියන එක නොරහසක්. ඇයගේ ජීවිතේ මොන ප්‍රශ්න, මොන බාධක ආවත් ඇය ඒ හැමදේකටම මුහුණ දෙන්නේ මේ දරුවෝ තුන්දෙනා නිසා කියන එක ඇය මේ සටහනෙනුත් ලෝකෙටම කියාපාලා තිබුණා.
"මාව විශේෂ කෙනෙක් විදියට දැනෙන්න කරපු මගේ සියලුම ආදරණීයයන්ට ගොඩක් ස්තූතියි. හැමදාම මාව ශක්තිමත් කරන මගේ පුතාටයි, දුවලා දෙන්නටයි බොහොම පින්!"
මේ ආදරණීය සටහන ඇතුළේ ගොඩක් අයගේ අවධානය දිනාගත්ත තවත් හුරතල් කතාවක් තිබුණා. ඒ තමයි පුංචි ඔඩී ගැන කරලා තිබුණු මතක් කිරීම.
"පුංචි දුව ඔඩී මට ඇඳලා දීපු ලස්සන 'පාපච්චි' (papachchi) චිත්‍රයටත් ගොඩක් ස්තූතියි" කියලයි ඇය ඒ ගැන බොහොම ආදරෙන් සඳහන් කරලා තිබුණේ.
තමන්ගේ මේ විශේෂ දවස මේ තරම් සුන්දර කරන්න මහන්සි වුණු තමන්ගේ සමීපතම හිතවතුන්ට ස්තූති කරන්නත් ඇය අමතක කරලා තිබුණේ නැහැ.
කියස් (Kiyaas) හි චතුරිට සහ ඇගේ කණ්ඩායමට ,තාරක සහ පවුලේ සැමට ,ඒ වගේම ලහිරු, චම්පා, දිනේෂ් සහ තිලකා අම්මාට මේ ආදී වශයෙන් තමන්ගේ ජීවිතේට ශක්තියක් වුණු හැමෝටම ඇය මේ සටහන හරහා ස්තූතිවන්ත වෙලා තිබුණා. කොහොම වුණත්, කේ. සුජීවාට ලැබුණු මේ සුවිශේෂී ආදරය දැකලා ඇගේ රසිකයොත් ඈට සමාජ මාධ්‍ය ඔස්සේ උණුසුම් සුබපැතුම් එක් කරමින් සිටිනවා.