Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
02
ඉහළ පෙළේ තොරතුරු වසන් කිරීමක් සඳහා මෙය සිදුවුණාද..? බුලත් කොටුවේ වැඩ කටයුතු සොයා බැලීමට ගිය රංග නිශාන්ත ජීවිතය ගැන මෙහෙම තීරණයක් ගත්තේ කොහොමද..?

- ඉහළ පෙළේ තොරතුරු වසන් කිරීමක් සඳහා මෙය සිදුවුණාද..? බුලත් කොටුවේ වැඩ කටයුතු සොයා බැලීමට ගිය රංග නිශාන්ත ජීවිතය ගැන මෙහෙම තීරණයක් ගත්තේ කොහොමද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

374 Views

ඒ පුවත ගැන අසන සැවොම කම්පා වෙනවා. රංග නිශාන්ත, ඊයේ සිදුකළ පර්‍යේෂණවලදී අනාවරණ වුණේ මෙය සියදිවි නසාගැනීමක් බවයි.


කොහොම වුණත්, තවමත් මේ කතාවේ විමතියට ඉතුරුව ඇති තැන් බොහෝමයි.

මහා භාණ්ඩාගාරයේ විදේශීය සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් සිදුකරන බව පොලීසිය පවසනවා.

පහළ වීරඹුව පදිංචිව සිටි ඒ.එම්. රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ සිරුර කුලියාපිටිය පහළ වීරඟු‍‍ව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ගෙවත්තේ බුලත් කොටුවක තිබියදී පෙරේදා දහවල් සොයා ගත් අතර ඔහුගේ දෙපාවල බරපතළ කැපුම් තුවාල දකින්නට තිබූ බව පොලිසිය කියයි. ඔහුගේ සිරුර වැටී තිබූ ස්ථානයට නුදුරින් ලේ තැවරුණු පිහියක්ද තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබුවා.

භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5 ක මුදලක් හැකරුන් අත්පත් කර ගැනීම සම්බන්ධ පරීක්ෂණ සඳහා රංග නිශාන්තට අමතරව එම දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් තිදෙනකුගේ ද සේවය අත්හිටුවා තිබුණා. වැඩ තහනමට ලක්ව සිටින මෙම සහකාර අධ්‍යක්ෂවරයා ගෙවත්තේ බුලත් කොටුවක් පවත්වාගෙන යන අතර එහි සේවය සඳහා සේවකයන් ද යොදවා ගෙන සිට ඇත.ඔහු රාජකාරී කරන වකවානුවේ මෙන්ම වැඩ තහනමට ලක් වූ පසුද බුලත් කොටුවේ වැඩකටයුතු ගැන නිරන්තරයෙන් සොයා බලා ඇතැයි පොලිසිය කියයි.

රංග නිශාන්ත මහතා එදින උදෑසන කාලයේ ද සුපුරුදු පරිදි නිවසේ තිබූ පිහියක් ද රැගෙන බුලත් කොටුවේ වැඩ කටයුතු සොයා බැලීමට යන බව නිවැසියන්ට දැනුම් දී ගොස් තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

රංග නිශාන්ත දෙපාවල ලේ ගලන තුවාල සහිතව වැටී සිටින අයුරු ඔහුට අයත් බුලත් කොටුවේ සේවයේ නිරතව සිටින පුද්ගලයන් කිහිප දෙනකු දැක ඒ බව නිවසේ අයට දැනුම් දීමෙන් පසු ඒ අවස්ථාවේ නිවසේ සිටි ඔහුගේ දියණිය එහි පැමිණ ඇතැයි පොලිසිය කියයි.

දියණිය එහි යන විටත් රංග මියගොස් සිට ඇති අතර පසුව මේ සම්බන්ධයෙන් කුලියාපිටිය මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත.

කුලියාපිටිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රත්නායක මහතා සහ කුලියාපිටිය කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ (සොකෝ) ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එල්. විජයතුංග මහතා ප්‍රධාන එම ඒකකයේ පොලිස් කණ්ඩායමක්ද එහි ගොස් විමර්ශන ආරම්භ කර තිබුණා.

කුලියාපිටිය ශික්ෂණ රෝහලේ නීති වෛද්‍ය නිලධාරී බාලසූරියද එහි ගොස් රංග මහතාගේ සිරුර පූර්ණ පරීක්ෂාවකට ලක් කළා.

පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මළ සිරුර කුලියාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගිය අතර එම පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පැවැත්වූ අතර, මියයන විට පනස් වැනි වියේ පසුව ඔහු දියණියන් දෙදෙනකුගේ පියෙක්. ඔහුගේ බිරිඳ පාසල් ගුරුවරියක්.

ඔහු පොලිසිය මඟහැර සිටි බවට පළ වූ ඇතැම් වාර්තා සාවද්‍ය බවත්, ප්‍රකාශ ලබාදීම සඳහා අප්‍රේල් මාසය තුළ කිහිප වතාවක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇති බවත් වාර්තා වෙනවා.

මෙම පරීක්ෂණය සැකකටයුතු විද්‍යුත් තැපැල් පණිවුඩ හුවමාරුවක් සහ දත්ත මකා දැමීමක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට මකා දැමූ දත්ත නැවත ලබා ගැනීමට කටයුතු කරමින් සිටින අතර, වැඩිදුර විද්‍යාත්මක විශ්ලේෂණයන් සඳහා ඔහුගේ නිවසේ තිබී ජංගම දුරකථන හතරක් ද අත්අඩංගුවට ගෙන ඇතියි.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ, මෙම නිලධාරියාගේ මරණය දැනට පවතින පරීක්ෂණවලට දැඩි පසුබෑමක් බවයි. මන්දයත්, මෙම මූල්‍ය අක්‍රමිකතාවයට හේතු වූ විද්‍යුත් තැපැල් සන්නිවේදනයන් පිළිබඳ තොරතුරු දැන සිටි ප්‍රධාන පුද්ගලයා ඔහු වීමයි.

භාණ්ඩාගාර සිද්ධිය සම්බන්ධ ඉහළ පෙළේ තොරතුරු වසන් කිරීමක් සඳහා මෙම මරණය සිදු වූයේ ද යන්න පිළිබඳව මේ වන විට දැඩි සැකයක් සමාජයේ මතු වී ඇති අතර, සිවිල් ක්‍රියාකාරිකයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන් පැවසුවේ, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන රංග නිශාන්ත නැමැති මොහු, භාණ්ඩාගාර මංකොල්ලය සම්බන්ධයෙන් මුලින්ම පොලිස් පැමිණිල්ලක් කළ පුද්ගලයා බවයි.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ උපදෙස් මත කුරුණෑගල දිසාභාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර, කුලියාපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක කරුණාසිංහ කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරී චන්දිමාල් විජේසිංහ යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ කුලියාපිටිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරීහු පිරිසක් මෙම මරණය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වනවා.

කුලියාපිටිය කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ (සොකෝ) ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එල්. ජයතුංග උප පොලිස් පරීක්ෂක ප්රියන්ත පොලිස් සැරයන්වරුන් වන දයානන්ද (50392), වාසල (61131) යන මහත්වරුන් සහ කාන්තා පොලිස් සැරයන් දීප්ති (8978) ඇතුළු එම කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් ද මෙම පරීක්‍ෂණවලට හවුල් වී සිටිති.

ලංකාදීප පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top