මියයන විට ඇය 75 වන වියේ පසුවුණා.
"Total Eclipse of the Heart", "Holding Out for a Hero" සහ "It's a Heartache" වැනි දශක ගණනාවක් තිස්සේ ලෝකයේම අතිශය ජනප්‍රිය වූ, අදටත් රසික හදවත් පිනවන සුපිරි ගීත රැසක් සංගීත ලෝකයට දායාද කළේ ඇයයි. ඇයටම ආවේණික වූ ඒ රළු සහ ගැඹුරු හඬ නිසාම ඇය ලෝකය පුරා මිලියන සංඛ්‍යාත රසිකයන්ගේ ආදරය දිනාගත්තා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ඇය කලක පටන් පෘතුගාලයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා. ඇය පෙළුණු දරුණු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ මෙලෙස අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වන්නේ.
ඇයගේ නිල වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඇගේ පවුලේ අය සහ කණ්ඩායම මෙලෙස සටහනක් තබා තිබුණා..
"පෘතුගාලයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බොනී, ඇය පෙළුණු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ අනපේක්ෂිත ලෙස අභාවප්‍රාප්ත වූ බව බොනීගේ පවුලේ අය සහ කණ්ඩායම දැඩි කණගාටුවෙන් යුතුව දැනුම් දෙන්නෙමු"
බොනී ටයිලර්ගේ මේ හදිසි වෙන්වීමත් සමඟ ලෝක ප්‍රකට සංගීතවේදීන්, ජනප්‍රිය තරු මෙන්ම ලොව පුරා විසිරී සිටින ඇගේ මිලියන සංඛ්‍යාත රසිකයන් සමාජ මාධ්‍ය හරහා ඇයට උපහාර දක්වමින් දැඩි ශෝකය පළකරමින් සිටිනවා.