තමන්ගේ "ප්‍රයිවසි" එක ගැන හිතලා, නාන වෙලාවට බාත්රූම් එකේ දොරවල් විතරක් නෙමෙයි, ජනේල සහ වෙන්ටිලේටර් පවා සම්පූර්ණයෙන්ම වහලා දාන්න අපි පුරුදු වෙලා ඉන්නවා.
හැබැයි, ඔබ නොහිතන මොහොතක මේ වසා දැමූ දොරවල් පිටුපස "නිහඬ මිනීමරුවෙක්" බලාගෙන ඉන්න පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද?
ඔව්, කිසිම සද්දයක් නැතුව, ඇසට පෙනෙන්නේ නැතුව, විනාඩි කිහිපයකින් මිනිසෙක්ව සිහිය නැති කරලා මරණය කරා අරන් යන්න පුළුවන් භයානක ක්‍රියාවලියක් බාත්රූම් එකක් ඇතුළේ සිද්ධ වෙන්න පුළුවන්. මේ "නිහඬ මිනීමරුවාගේ" රහස විද්‍යාත්මකව ලිහාගන්නේ මෙහෙමයි.
1. බාත්රූම් ක්ලීන් කරන්න ගිහින් හදාගන්න "රසායනික අවිය"ගොඩක් වෙලාවට අපේ ගෙවල්වල අතින් සිද්ධ වෙන මාරක වැරැද්දක් තියෙනවා. ඒ තමයි බාත්රූම් එකේ තද පැල්ලම්, කුණු ඉක්මනින් යවාගන්න හිතාගෙන බ්ලීචිං දියර සහ ඇසිඩ් එකට මිශ්‍ර කිරීම.මේක රසායන විද්‍යාත්මකව බැලුවොත්, යුධ පිටියක පාවිච්චි කරන "රසායනික අවියක්" තමන්ගේම නිවස ඇතුළේ නිර්මාණය කිරීමක් හා සමානයි...
බ්ලීචිං වල තියෙන්නේ සෝඩියම් හයිපොක්ලෝරයිට්.වැසිකිළි පිරිසිදු කරන ඇසිඩ් වල තියෙන්නේ හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ්.මේ රසායනික ද්‍රව්‍ය දෙක එකතු වූ සැනින් ක්ෂණික රසායනික ප්‍රතික්‍රියාවක් වෙලා ක්ලෝරීන් වායුව වාතයට නිදහස් වෙනවා.
ප්‍රතිඵලය කුමක්ද?
ක්ලෝරීන් කියන්නේ පෙනහැල්ලට අතිශය විෂ වායුවක්. ජනෙල් වසා ඇති, කුඩා බාත්රූම් එකක් ඇතුළේ ක්ලෝරීන් වායුව පිරුණු ගමන්, එය අපේ ශ්වසන පද්ධතියේ තියෙන තෙතමනය සමඟ මිශ්‍ර වෙලා පෙනහැල්ල ඇතුළෙම ඇසිඩ් සාදන්න පටන් ගන්නවා... පෙනහැලි ඇතුළතින්ම පිච්චිලා, හුස්ම ගන්න බැරුව විනාඩි කිහිපයකින් පුද්ගලයෙක් පණ ඇදීමට මේ රසායනික ප්‍රතික්‍රියාව පාලනයකින් තොරව සිදුවීම ප්‍රමාණවත්.
2. ඔබ "Gas Hot Water Showers" පාවිච්චි කරන කෙනෙක් නම්...වීශේෂයෙන්ම ඔබ LP ගෑස් මඟින් ක්‍රියා කරන හොට් වෝටර් සිස්ටම් එකක් බාත්රූම් එකේ සවි කරලා තියෙනවා නම්, තවත් මාරක අනතුරක් තියෙනවා.බාත්රූම් එකේ ජනෙල් සේරම වහලා මේවා ක්‍රියා කරද්දී, කාමරය ඇතුළේ තියෙන ඔක්සිජන් මට්ටම වේගයෙන් අඩු වෙනවා. ඔක්සිජන් අඩු වෙද්දී ගෑස් එක නිවැරදිව දහනය වෙන්නේ නැහැ.
එහි ප්‍රතිඵලයක් විදිහට පාටක්, සුවඳක් හෝ රසක් නැති කාබන් මොනොක්සයිඩ් කියන මාරක වායුව කාමරය පුරා පිරෙන්න ගන්නවා.ඔබ එය ආශ්වාස කල සැනින් ලේ වල තියෙන හිමොග්ලොබින් සමඟ එකතු වෙලා මොළයට ඔක්සිජන් යන එක සම්පූර්ණයෙන්ම නවත්වනවා. කිසිම සද්දයක් නැතුව, කරකැවිල්ලක් හැදිලා ක්ෂණිකවම සිහිය නැති වෙලා යන්න මේ වායුව හේතු වෙනවා.
3. මීළඟට බාත්රූම් එකට යන්න කලින් මතක තබාගත යුතුම දේ...
දැන් ඔබට පැහැදිලියි නේද වාතාශ්‍රය කියන්නේ සුඛෝපභෝගීත්වයට තියෙන දෙයක් නෙමෙයි, ජීවිතය රැකගන්න තියෙන අත්‍යවශ්‍යම සාධකයක් කියලා. බාත්රූම් එකක් ඇතුළේ වාතය නිරන්තරයෙන් සංසරණය විය යුතුමයි.ලෝකයේ සිදුවූ මෙවැනි අවාසනාවන්ත මරණ නිරීක්ෂණය කරද්දී වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ එකම එක දෙයයි. ඒ, මේ අනතුරු සියල්ලම වළක්වා ගත හැකිව තිබුණේ ඉතාම සරල ක්‍රියාවකින් බවයි.
බාත්රූම් එකේ වෙන්ටිලේටරය කිසිම විටක පොලිතින් හෝ රෙදි දමා සම්පූර්ණයෙන්ම වහන්න එපා. වාතය පිටවීමට නිතරම ඉඩ තබන්න.රසායනික ද්‍රව්‍ය මිශ්‍ර නොකරන්න. බ්ලීචිං සහ ඇසිඩ් වර්ග කිසිවිටක එකිනෙක මිශ්‍ර කරන්න එපා. පිරිසිදු කිරීමේදී ප්‍රවේශම් වන්න. බාත්රූම් එක පිරිසිදු කරන විට අනිවාර්යයෙන්ම දොර සහ ජනෙල් හැර තබන්න.
ඔබ ගෑස් ගීසර් පාවිච්චි කරන්නේ නම්, ක්‍රියාකාරී Exhaust Fan එකක් සවි කිරීම හෝ එක් ජනේලයක් වත් විවෘතව තැබීම අනිවාර්ය වේ.
සමාජ මාධ්‍ය ඇසුරෙන්