Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
12
උපන්දිනය දවසේම ඔහුට මේ වගේ දෙයක් කළේ කවුද..? ලක්මාල්ගේ හිස නගරයේ ප්‍රතිමාවක තබා සැකකරුවන් පළායයි..

- උපන්දිනය දවසේම ඔහුට මේ වගේ දෙයක් කළේ කවුද..? ලක්මාල්ගේ හිස නගරයේ ප්‍රතිමාවක තබා සැකකරුවන් පළායයි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

753 Views

ඔහුගේ මේ මරණය නිසා ප්‍රදේශයක් මේ වන විට සිටින්නේ දැඩි කම්පනයකින්.. 


ලක්මාල්ගේ උපන්දිනය දවසේම මෙවැනි දෙයක් ඔහුට සිදුවුණේ පෞද්ගලික ආරවුලක් මතද..?

අම්බලන්තොට මාමඬල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී හිස කඳින් වෙන් කර ඝාතනය කර තිබෙනවා.

කඳින් වෙන් කළ හිස සැකකරුවන් විසින් ප්‍රදේශයේ ප්‍රතිමාවක තබා පළාගොස් ඇති අතර, පොලිසිය පැවසුවේ පසුගිය වසරේ සිදුවූ ඝාතනයකට පළිගැනීමක් වශයෙන් මෙය සිදුකරන්නට ඇති බවයි.

මේ අතර, මේ වසරේ 14 වැනි වෙඩි තැබීමේ සිදුවීමද අද ගාල්ල දංගෙදර ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අම්බලන්තොට මාමඩල දකුණ බෝකුටුයාය ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර තිබුණා.

තියුණු ආයුධ අතැතිව එම නිවසට පැමිණි සැකකරුවන් එහි පදිංචිව සිටි පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

පසුව ඔවුන් එම පුද්ගලයාගේ හිස සිරුරෙන් වෙන්කර රැගෙන ගොස් මාමඩල ගම්මානයට පිවිසෙන මංසන්ධියේ ඇති ප්‍රතිමාවේ තබාගොස් තිබෙනවා.

ඝාතනය සිදුවන අවස්ථාව වන විට එම පුද්ගලයාගේ දරුවන්, බිරිඳ සහ මාමණ්ඩි ද නිවසේ රැඳී සිට ඇති අතර, සැකකරුවන් සමඟ පොරබැඳීමේදී තුවාල ලැබු මාමණ්ඩි ද ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වීරසේකර ආරච්චිගේ ලක්මාල් සඳරුවන් නමැති 34 හැවිරිදි තිදරු පියෙක්.

ඔහුගේ උපන් දිනය ද ඊයේ දිනට යෙදී තිබුණා.

සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය හම්බන්තොට මහේස්ත්‍රාත් Y.R.B. නෙළුම්දෙණිය මහතා විසින් සිදුකළා.

මෙම ඝාතනය පෞද්ගලික ආරවුලක් මත සිදුව ඇති බවට සැකකරන බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය වසරේ පෙබරවාරි මස 02 වැනිදා අම්බලන්තොට මාමඩල බැමිණියන්වල ප්‍රදේශයේදී පුද්ගලයින් තිදෙනෙකු කපා කොටා ඝාතනය කර තිබුණා.

නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් එම ඝාතනයට හේතු වී තිබු අතර, ඊයේ ඝාතනය ලක්වූ පුද්ගලයා මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි අයෙක් බව පොලිසිය පැවසුවා.

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඔහු ඇප ලබා යළි පැමිණ තිබුණේ පසුගිය මාර්තු මස 30 වැනිදායි.

ඝාතනයෙන් පසු සැකකරුවන් පළාගොස් ඇති අතර, සැකකරුවන් රැගෙන ආ මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද එම ස්ථානයේ දමා ගොස් තිබියදී සොයා ගැනුණා.

මේ අතර, ගාල්ල දංගෙදර ඩික්සන් හන්දිය ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පොලිසිය පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන් ‍මියගොස් ඇත්තේ අහංගම, වැල්හේන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්

ඔහු මුදල් පොලියට මුදල් ලබාදීමේ ව්‍යාපාරයක නිරතව සිටි අයෙකු බවද පොලිසිය පැවසුවා

පොලිසිය සැකකරන්නේ මුදල් ආරවුලක් මෙම ඝාතනයට හේතුවන්නට ඇති බවටයි

වෙඩි තැබීම සඳහා පැමිණි සැකකරු පළා ගිය මෝටර් රථය දඩල්ල ප්‍රදේශයේ කනත්තක් අසළ දමා ගොස් තිබියදී පොලිසිය සොයාගත්තා

මෙම වෙඩි තැබීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් විසින් වසරේ මේ දක්වා කරනු ලැබූ වෙඩි තැබීමේ සිදුවීම් ගණන 14ක් දක්වා ඉහළ යන අතර ඉන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top