තමිල්නාඩු ප්‍රාන්තයේ ආගමික ස්ථාන, අධ්‍යාපන ආයතන සහ බස් නැවතුම්පොළවල සිට මීටර් 500ක් ඇතුළත පිහිටා ඇති TASMAC සිල්ලර මත්පැන් අලෙවිසැල් 717ක් ඉදිරි සති දෙක ඇතුළත වසා දමන ලෙස තමිල්නාඩු මහ විජේ අඟහරුවාදා බලධාරීන්ට නියෝග කළා.
මහජන සුභසාධනය සහ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙනවා. ප්‍රාන්ත රජයට අනුව, තමිල්නාඩු ප්‍රාන්ත අලෙවි සංස්ථාව (TASMAC) දැනට තමිල්නාඩුව පුරා සිල්ලර මත්පැන් අලෙවිසැල් 4,765ක් පවත්වාගෙන යනු ලබනවා.
මහ ඇමතිවරයාගේ නියෝගය පරිදි සිදුකළ විශේෂ සමීක්ෂණයකින් පසු හඳුනාගත් මෙම මත්පැන් හල් 717 පහත පරිදි වෙන් කර ඇති අතර, ආගමික ස්ථාන අසල මත්පැන් හල් 276ක්, අධ්‍යාපන ආයතන අසල මත්පැන් හල් 186ක්, බස් නැවතුම්පොළවල් අසල මත්පැන් හල් 255ක් මේ අනුව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
මෙම පියවර මගින් පොදු ස්ථානවල සිදුවන අපහසුතා අවම කිරීමටත්, සිසුන්ගේ සහ බැතිමතුන්ගේ යහපත ආරක්ෂා කිරීමටත් බලාපොරොත්තු වෙන බවයි ඔහු පැවසුවේ.
තමිල්නාඩු වෙට්ට්‍රි කසාගම් (TVK) පක්ෂයේ නායකයා ලෙස මහ ඇමති ධුරයට පත්වූ විජේ, සිය මැතිවරණ පොරොන්දු ප්‍රකාරව මත්ද්‍රව්‍යවලින් තොර ප්‍රාන්තයක් බිහි කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව රජයේ නිවේදනයේ සඳහන් වෙන්නේ.
times of india ඇසුරෙන්..