ලංකාව අවට වායුගෝලයේ ඇති වෙලා තියෙන කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 36 ඇතුළත අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙන්න වැඩි ඉඩක් තියෙනවලු!
මේකෙන් කියන්නේ මොකක්ද? ඉදිරි දින කිහිපයෙත් අපිට "වැසි දියෙන් තෙමෙන්න" සිද්ධ වෙනවා කියන එකයි.මේ පද්ධතියේ බලපෑම නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බර වෙලා, හවස් වරුවේ විතරක් නෙවෙයි, ඕනෑම වෙලාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පහත ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු වෙන්න කියලා නිවේදනය කරලා තියෙනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ
මධ්‍යම, ඌව සහ උතුරු මැද
දකුණු සහ උතුරු පළාත්
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
වැස්ස විතරක් නෙවෙයි, ගිගුරුම් සහිත වැසි එක්ක එන අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ගැනත් විශේෂ අවධානයක් යොමු කරන්න කියලා බලධාරීන් ඉල්ලනවා. ගමනක් බිමනක් යනකොට වගේම, ගෙදර දොරේ විදුලි උපකරණ පාවිච්චි කරද්දීත් මේ ටිකේ ටිකක් පරිස්සම් වුණොත් හොඳයි නේද?
ඉතින්, එළියට බහිනකොට කුඩේ අමතක නොකර අරන් යන්න, වටපිටාව ගැන අවධානයෙන් ඉන්න!