හැබැයි දැන් මේ වැඩේ නිසා පාරේ යන අහිංසක මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ වැටිලා තියෙනවා කියලා පොලිසිය කියනවා.
වාහනවලට අමතර උපාංග සවිකරලා, පෙනුම වෙනස් කරලා, අන්තරාදායක විදිහට පාරේ දුවන රථවාහන සම්බන්ධයෙන් මින්පස්සේ දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න පොලිස් මූලස්ථානය තීරණය කරලා තියෙනවා.
පසුගිය කාල සීමාව ඇතුළත සිද්ධ වෙච්ච රිය අනතුරු ගැන කරපු විශ්ලේෂණයකදී පොලිසියට ලොකු දෙයක් අහුවෙලා තියෙනවා. ඒ තමයි, නිසි යෝග්‍යතා සහතික (Fitness Certificates) නැතිව, හිතුමනාපයට නවීකරණය කරපු බස් රථ නිසා විශාල අනතුරු ප්‍රමාණයක් සිද්ධ වෙනවා කියන එක.
පොලිසිය පවසන පරිදි නීතිය තද වෙන්නේ මේවාටයි:
අවිධිමත් නවීකරණයන් (බස් රථ ඇතුළේ සහ පිටත සිදුකරන වෙනස්කම්)
අන්තරාදායක සවි කිරීම් (පාරේ යන අයට හෝ වෙනත් වාහනවලට හානි විය හැකි අමතර කොටස්)
පෙනුම විකෘති කිරීම
මේ අතරේ පොලිසිය මහජනතාවට තවත් විශේෂ දැනුම්දීමක් කරනවා. පාරේ යන වාහනයකින් අධික ලෙස කළු දුම පිටවෙනවා ඔබ දකිනවා නම්, එය වීඩියෝ කරලා හෝ ඡායාරූපයක් අරගෙන පහත වට්ස්ඇප් අංකයට යොමු කරන්න කියලා පොලිසිය ඉල්ලනවා.
පොලිස් වට්ස්ඇප් අංකය: 070 350 0525