රංගනයට වගේම නර්තනයටත් උපන්හපන්කම් දක්වන දසුනි, මේ දවස්වල ලංකාවෙන් බැහැරව ඉන්නේ ඕස්ට්‍රේලියාවේ සුන්දර මෙල්බන් නගරයේයි.
ඇය මේ සංචාරය අතරතුර ලබාගත් අලුත්ම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට මුදා හැරීමත් සමඟ, ඇයගේ රසික රසිකාවියන් අතර එය දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
ලංකාවේ සිටින දක්ෂතම රංගන ශිල්පිනියක් වන දසුනි, තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට උපරිම සාධාරණය ඉටුකරන තැනැත්තියක්.
ඇයගේ රංගනයට නොදෙවැනි ඇයගේ නර්තන හැකියාව ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ සුන්දර රංගනයටත්, නර්තනයටත් වශී වුණු ලක්ෂ සංඛ්‍යාත රසික පිරිසක් ඇය වටා රොක් වී සිටිනවා.