මවකගේ රෝගයක් සුව කරන්නට යැයි පවසා "තැඹිලි සාත්තුවක්" දුන් පෙම්වතෙකු ඇතුළු පිරිසක්, මව සහ දියණිය සිහි නැති කර ලක්ෂ 17කට අධික රන් ආභරණ කොල්ලකා පලාගොස් ඇති පුවතක් දැන් මුළු රටේම අවධානයට ලක්ව තිබෙනවා.
සිද්ධියේ ආරම්භය වන්නේ මීට දින කිහිපයකට පෙරයි. බස් රථයක ගමන් කරමින් සිටියදී හඳුනාගත් තරුණයෙකු සමඟ කිඹිස්ස ප්‍රදේශයේ පදිංචි තරුණියක දුරකථන අංක හුවමාරු කරගෙන තිබෙනවා. පසුව මෙය ප්‍රේම සබඳතාවයක් දක්වා දුරදිග ගොස් ඇති අතර, තරුණයා තමන්ගේ නිවසේ පැවැත්වෙන දානමය පින්කමකට සහභාගී වන ලෙස තරුණියට ඇරයුම් කරලා තියෙනවා...
විශ්වාසය තහවුරු කිරීමට මෙන්, තරුණයාගේ මව සහ සහෝදරිය යැයි කියාගත් කාන්තාවන් දෙදෙනෙකු ද තරුණිය සමඟ දුරකථනයෙන් නිරන්තරයෙන් කතාබස් කර හිතවත් වී ඇති බවයි සඳහන් වන්නේ....
තම මව අසනීපයෙන් පසුවන නිසා දානයට පැමිණීමට අපහසු බව තරුණිය පවසා ඇති අතර, එහිදී තරුණයාගේ මව ලෙස පෙනී සිටි කාන්තාව කපටි උපක්‍රමයක් යොදා තිබේ. තමන් දන්නා හඳුනන මෙහෙණින් වහන්සේ නමක් සිටින බවත්, මවට තැඹිලි සාත්තුවක් කිරීමෙන් රෝග සුව කළ හැකි බවත් ඇය පවසලා තියෙනවා...
පසුව දානමය කටයුතු අවසන් වූ බව පවසා පෙම්වතා ඇතුළු පිරිස කැකිරාව නගරයට පැමිණ මව සහ දියණිය හමුවෙලා තියෙනවා. ඔවුන් දෙදෙනාව කැකිරාව “කුඹුක් සිසිල උයන” වෙත කැඳවාගෙන ගොස්, එහිදී මවගේ අසනීපයට ප්‍රතිකාරයක් ලෙස පවසමින් මත්ද්‍රව්‍ය මිශ්‍ර කළ තැඹිලි ගෙඩි දෙකක් පානය කිරීමට දීලා තියෙනවා...
තැඹිලි පානය කිරීමෙන් සුළු වේලාවකට පසු මවට සහ දියණියට අධික කැරකිල්ලක් සහ සිහිමද ගතියක් ඇති වී තිබේ. ඔවුන්ව ත්‍රිරෝද රථයකින් රෝහල වෙත රැගෙන යන මුවාවෙන් මෙම කොල්ලකරුවන් සිය සැලසුම ක්‍රියාත්මක කරලා...
තරුණියට පියවි සිහිය ලැබී ඇස් ඇර බලන විට ඇය සිට ඇත්තේ කැකිරාව රෝහලේ වාට්ටුවකය. තමන් සතුව තිබූ දේ පරීක්ෂා කිරීමේදී ඇය දැක ඇත්තේ...
රුපියල් ලක්ෂ 14ක් වටිනා රන් මාලය හා පෙන්ඩනය, රන් වළල්ලක්, රන් මුදු තුනක්, කරාබු ජෝඩුවක් ඇතුළු රුපියල් 1,700,000කට අධික වටිනා දේපළ කොල්ලකරු විසින් රැගෙන ගිහිල්ලා...
සමාජ මාධ්‍ය ඇසුරෙන්