ඒ ඇයගේ 100 වැනි ජන්ම දිනය යෙදෙන එළඹෙන ජූනි 01 වැනිදා සිදුකිරීමට නියමිත සුවිශේෂී වෙන්දේසියක් නිසයි.
Heritage Auctions ආයතනය මගින් සංවිධානය කරන මෙම වෙන්දේසිය හරහා, මොන්රෝගේ ජීවිතයේ මෙතෙක් ලොවට රහසක්ව පැවති අතිශය පෞද්ගලික පැති කිහිපයක් අනාවරණය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මොන්රෝගේ සමීපතම මිතුරන් වූ රොස්ටන් පවුල සතුව තිබූ මෙම එකතුවට ඇයගේ ඇඳුම්, ආභරණ වගේම ඇය විසින්ම ලියන ලද සටහන් සහ කවි ඇතුළත්. වෙන්දේසි ආයතනයේ අධ්‍යක්ෂවරයා පවසන පරිදි, ඇය දැඩි මානසික පීඩනයකින් සිටි බව හෙළිවන සුවිශේෂී සටහනක්ද මෙහි තිබෙනවා. එහි ඇය "මට දැනෙන්නේ මා ගිලෙමින් සිටිනවා වැනි හැඟීමක්" යනුවෙන් ලියා ජලයේ ගිලී යන රූපයක්ද ඇඳ තිබෙනවා.
මෙම එකතුවේ ඇති වටිනාම සහ ආන්දෝලනාත්මක දේ වෙන්නේ මොන්රෝ මිය යාමට දින කිහිපයකට පෙර ඇයගේ මනෝ වෛද්‍යවරයා විසින් ලියන ලද මෙතෙක් අනාවරණය නොවූ ලිපියයි. මොන්රෝගේ මරණය අදටත් අබිරහසක්ව පවතින පසුබිමක, මෙම ලිපිය හරහා අලුත් යමක් හෙළිවනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා.
මීට අමතරව ඇයගේ ප්‍රේම සබඳතා ගැන ලියවුණු රහස් ලේඛන, දරු ගැබක් අහිමි වීම ගැන ඇය තුළ තිබූ බිය, හිටපු සැමියා වන ආතර් මිලර් එවන ලද පෞද්ගලික ලිපි මේ අතරට අයත්.
1962 අගෝස්තු 04 වැනිදා වයස අවුරුදු 36 දී ඇය මියගොස් සිටියදී හමු වූ අතර, එය අධික ලෙස නිදි පෙති පානය කිරීමෙන් සිදුවූ මරණයක් ලෙස තීන්දු කළා. නමුත් අදටත් ඇයගේ මරණය පිටුපස විවිධ කුමන්ත්‍රණ කතා තිබෙනවා.
ඇයගේ උපන්දිනය දවසේ සිදුවන මේ වෙන්දේසියෙන්, ලෝකයේම "සෙක්ස් සිම්බල්" එක වුණු මේ සුන්දර රුවැත්තියගේ හදවතේ තිබුණු වේදනාව මුළු ලෝකයටම දැකගන්න ලැබෙනු නොඅනුමානයි.
මූලාශ්‍රය | රොයිටර්ස්