රංගනයෙන් වගේම ඔහුගේ නිහතමානී ගතිගුණ නිසාම අශේන්ට ඉන්නේ විශාල රසික පිරිසක්.
ඉතින් අද, ඒ කියන්නේ මැයි 10 වැනිදා අශේන්ට හරිම විශේෂ දවසක්. ඒ තමයි ඔහුගේ උපන්දිනය යෙදී තිබෙන දිනය.
තමන්ගේ මේ විශේෂ දවසේ අශේන්ගේ අලුත් තොරතුරු දැනගන්න අපි ඔහුට කතා කළා. එතැනදී ඔහු අපූරු අදහසක් අපිත් එක්ක බෙදාගත්තා.
"අශේන්.... කොහොමද ඉතින් අද දවස ගෙවෙන්නේ...?"
"අද දවස මට හරිම සුවිශේෂී වගේම නිදහස් දවසක්. මම අද මගේ පවුලේ අයත් එක්ක පන්සල් ගිහින් ආගමික වතාවත්වලට මුල්තැන දීලා තමයි උපන්දිනය සැමරුවේ. හිතට ලොකු සැනසීමක් තියෙනවා..."
සාමාන්‍යයෙන් කලාකරුවන් කිව්වාම උපන්දිනයට ලොකු පාටි දානවානේ. ඒත් අශේන් මේ පාර තෝරාගෙන තිබුණේ බොහොම සරල විදිහක්.
"ඔයා මේ පාර උපන්දිනයට ලොකු පාටියක් එහෙම දැම්මද...?"
"ඇත්තටම කියනවා නම් ලොකු පාටි තිබුණේ නැහැ. මම හැමදාමත් කැමති පවුලේ අයත් එක්ක සරලව ඉන්න. ඉතින් පවුලේ හැමෝම එකතු වෙලා පොඩියට කේක් එකක් කපලා උපන්දිනය සැමරුවා."
උපන්දිනය දවසේ අශේන් ඔහුගේ රසිකයන් වෙනුවෙන් තවත් පුංචි තෑග්ගක් දීලා තිබුණා. ඒ තමයි අලුත්ම අලුත් Photoshoot එකක පින්තූර එකතුවක් සමාජ මාධ්‍යට මුදා හැරීම. සුදු පාට ඇඳුමකින් සැරසුණු අශේන්ගේ ඒ ලස්සන, කඩවසම් පින්තූර ටික දැක්කාම ඕනෑම කෙනෙක් ආදරයෙන් බලනවා නොඅනුමානයි.
ඔයාලත් අශේන්ගේ පින්තූර පෙළ මෙන්න බලන්න