ඔහුගේ රංගන හැකියාවට වගේම ඔහුගේ තියෙන නිහතමානී කමටත් ගොඩක් දෙනෙක් ආදරය කරනවා.
පසුගිය දවසක මේ හැමෝම ආදරය කරන ධනංජයගේ උපන්දිනය යෙදී තිබුණා. නිතරම රූගත කිරීම් එක්ක කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔහු, මෙවර තමන්ගේ උපන්දිනය දවසේ ඒ කාර්යබහුලත්වයෙන් ටිකකට මිදිලා නිදහසේ කාලය ගත කරන්න අපූරු තැනක් තෝරාගෙන තිබුණා. ඒ තමයි දකුණු ලකේ තියෙන ලස්සනම මුහුදු තීරයක් වන මාතර, හිරිකැටිය වෙරළ තීරය.
උපන්දිනය දවසේ හිරිකැටිය මුහුදු වෙරළේ ගත කරපු සුන්දර මොහොතක ගත්තු ලස්සන ඡායාරූප කිහිපයක්ම ධනංජය තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කරලා තිබුණා. ඒ වගේම ඒ ඡායාරූප එක්ක ඔහු තමන්ගේ රසිකයන්ට දැනෙන්න අපූරු සටහනකුත් එකතු කරලා තිබුණේ මේ විදියටයි.
''පසුගිය දිනෙක තිබ්බ මගේ උපන්දිනේට මං ගියේ මාතර හිරිකැටියේ. මුහුදු හුළං එක්ක ඒ හැන්දෑව හරිම ලස්සනයි. මහන්සිය කොහෙන් ගියාද නෑ. ආව ගමන් පැය දෙකක් විතර මුහුද දිහා බලාගෙන හිටිය. ලා නිල් පාට, ලා කොළ පාට ලස්සන මුහුද.. නිල් පාට අහස.. අතරින් පතර කළු වළාකුළු. කළු පාට ගල්පර.. අතරින් පතර පේන ලා දුඹුරු පාට වැල්ල..''
සොබාදහමට ගොඩක් ආදරය කරන ධනංජයගේ මේ සංවේදී සටහනට වගේම ඒ ලස්සන ඡායාරූප වලට ඔහුගේ රසික රසිකාවියන්ගෙන් නම් ලැබිලා තිබුණේ ඉහළ ප්‍රතිචාරයක්. බොහෝ දෙනෙක් ඔහුගේ උපන්දිනයට සමාජ මාධ්‍ය හරහා සුබ පැතුම් එක් කරලා තිබුණා.
කොහොම වුණත් නිදහසේ පරිසරයේ සුන්දරත්වය උපරිමයෙන් විඳිමින් මෙවර උපන්දිනය සමරපු ධනංජය සිරිවර්ධනට, ඔහුගේ ඉදිරි කලා කටයුතු සාර්ථක වෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!
