අපේ කලා ක්ෂේත්‍රයේ කාගෙත් ආදරය දිනාගත් දසුනි සිනෙත්මා ඇගේ ජීවිතයේ වීරයා වූ, ඇගේ ආදරණීය පියාණන් මෙලොවින් සමුගෙන වසර 7ක් සපිරීම නිමිත්තෙන් තැබූ සංවේදී සටහනක් සහ ඇය කළ උදාර කටයුත්තක් පිළිබඳව මේ වනවිට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.
පියාගේ මතකය වෙනුවෙන් දසුනි මෙවර තෝරාගෙන තිබුණේ ඉතාමත් අර්ථවත් පුණ්‍යකර්මයක්. ඇය ළමා නිවාසයක අහිංසක දරුවන් වෙනුවෙන් රසවත් දානමය පුණ්‍යකර්මයක් සංවිධානය කර තිබූ අතර, එම පුංචි දරුවන්ගේ මුහුණුවල ඇඳුණු සිනහව තුළින් තමන්ට තවමත් පියාගේ ආදරය දැනෙන බව ඇය පවසනවා.
"මගේ අවසන් හුස්ම වෙනකම්ම මං ඔයාට ආදරෙයි..." දසුනිගේ සටහන ඇගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා පියාගේ පින්තූරයක් ද සමඟින් ඇය තබා තිබූ සටහන නෙතට කඳුළක් උනන තරම් සංවේදී එකක් වුණා..
"අදට අවුරුදු 7ක්… ඒත් තාමත් ඔයා නැති අඩුව එදා වගේම දැනෙනවා තාත්තේ.. ජීවිතේ මං මේ තරම් දුරක් ආවේ, ඔයා මගේ හිත ඇතුළේ දාලා ගිය ශක්තිය නිසාමයි. ඔයා ළඟ නැති වුණත්.. කොහේ හරි ඉඳන් මං දිහා බලන් ඉන්නවා, මට ආශිර්වාද කරනවා කියලා මගේ හිතට තාමත් දැනෙනවා.
පුංචි කාලේ ඉඳන් මගේ වීරයා වුණේ ඔයා. මට වැටෙන්න නොදෙන්න, ජීවිතේ හරි පාර පෙන්නුවේ ඔයා. අද මං කරන හැම දේම ඇතුළෙම ඔයාගේ හීන, ඔයාගේ මහන්සිය, ඔයාගේ ආදරේ තියෙනවා තාත්තේ..."
ළමා නිවාසයේ දානමය පින්කම පිළිබඳව අදහස් දක්වමින් දසුනි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මෙවැන්නක්.
"අද මං ළමා නිවාසයකට ගිහින් ඔයාව මතක් කරලා දානයක් දුන්නා. ඒ පුංචි හිනා වලින් මට ඔයාගේ ආදරේම දැනුණා. ඔයා හිටියා නම් අද මාව බලලා ගොඩක් සතුටු වෙයි කියලා හිතුණා.
ඔයා මේ ලෝකෙන් ගියත්, මගේ හිතෙන් කවදාවත් යන්නේ නෑ තාත්තේ. මගේ අවසන් හුස්ම තුරාවටම මං ඔයාට ආදරෙයි. ගොඩක් ආදරෙයි.. අනන්තවත් ආදරෙයි. ඔයාට නිවන් සුව ලැබේවා තාත්තේ…"
ලෝකයක් වටිනා පියෙකුගේ මතකය වෙනුවෙන් මෙවැනි උදාර පින්කමක් සිදු කරමින්, අන් අයටත් ආදර්ශයක් දුන් දසුනි සිනෙත්මිගේ ආදරණීය පියාණන්ට අප ද උදම්සනින් අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කර සිටිමු!