හැබැයි අන්තිම ආරංචිවල හැටියට නම් කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඉන්න අපේ කට්ටියට තමයි වැඩේ ටිකක් සීරියස් වෙලා තියෙන්නේ!
පවතින අයහපත් කාලගුණය නිසා මේ දිස්ත්‍රික්ක දෙකේ ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කරන්න ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා.
රතු නිවේදනය වැදුණු ප්‍රදේශ මෙන්න,
කෑගල්ල දිස්ත්‍රික්කය- දැරණියගල, රුවන්වැල්ල සහ දෙහිඕවිට
රත්නපුර දිස්ත්‍රික්කය- අයගම, කුරුවිට සහ ඇහැළියගොඩ
රතු නිවේදනයක් කියන්නේ සෙල්ලමකට ගන්න දෙයක් නෙවෙයි! ඒ කියන්නේ නායයෑමේ අවදානමක් පවතින නිසා, අනතුරු ඇඟවීම් ලැබුණු සැනින් ආරක්ෂිත ස්ථාන කරා යන්න ලෑස්ති වෙලා ඉන්න කියන එකයි.
ඔබත් මේ ප්‍රදේශවල ජීවත් වෙන කෙනෙක් නම්, නැත්නම් ඔයාගේ යාළුවෝ, නෑදෑයෝ ඉන්නේ මේ පැතිවල නම් වහාම මේ ගැන දැනුවත් කරන්න.
පොළොවේ හෝ ගෙවල්වල බිත්තිවල අලුතින් පැලුම්/ඉරිතැලීම් ඇතිවීම.
ගස්, විදුලි කණු හෝ දුරකථන කණු ඇලවීම.
එකපාරටම උල්පත් මතුවීම හෝ ගලායන වතුර බොර පාට වීම.
වැස්ස තවමත් නතර වෙලා නැති නිසා, මේ පැතිවල ඉන්න හැමෝම උපරිම අවධානයෙන් සහ ආරක්ෂිතව ඉන්න කියලා අපි ඉල්ලා සිටිනවා.