Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
21
"මෙතනින් එහාට ලෝකයාට පේන්න අපි දෙන්නෙක් නෑ.. ඔයාට සුභ ගමන් මගේ පණ!" ආදරණීය සැමියාගේ වෙන්වීම ගැන බිරිඳ තැබූ සටහන

- "මෙතනින් එහාට ලෝකයාට පේන්න අපි දෙන්නෙක් නෑ.. ඔයාට සුභ ගමන් මගේ පණ!" ආදරණීය සැමියාගේ වෙන්වීම ගැන බිරිඳ තැබූ සටහනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

325 Views

ජීවිතය කියන්නේ මහ පුදුමාකාර තැනක්.


සමහර වෙලාවට අපි හීනෙකින්වත් නොහිතන විදිහට, අපේ ජීවිතේ පණ වගේ ආදරේ කරපු මිනිස්සුන්ව අපෙන් උදුරලා ගන්න මේ ලෝකය මොහොතක්වත් හිතන්නේ නැහැ. ඔන්න ඒ වගේ මුළු මහත් මුහුණු පොතම කඳුලින් තෙත් කරපු, ආදරණීය සැමියාගේ හදිසි වෙන්වීම දරාගන්න බැරුව තරුණ බිරිඳක් තැබූ අතිශය සංවේදී සටහනක් ගැනයි මේ කියන්න යන්නේ.

මේ සටහන ලියලා තියෙන්නේ තමන්ගේ ජීවිතේ පළමු වගේම අවසන් ආදරයත් වුණු "ගිහාන්" නමැති තරුණයාගේ වෙන්වීමෙන් තනි වුණු ඇයගේ ආදරණීය බිරිඳයි. ඇය ලියපු ඒ හැඟීම්බර වචන පෙළ කියවන ඕනෑම කෙනෙක්ගේ පපුව මිරිකෙනවා වගේ දැනෙන එක නම් නවත්තන්න බැහැ.

"අදට හරියටම අවුරුදු 6ක්‌ ඔයා මගෙන් අහපු දේට උත්තරයක් දීලා.. කාලයක් පෙම්වතියක් විදිහට, කාලයක් ඔයාගේ බිරිඳ විදිහට මං ඔයා ළඟින්ම හිටියා..."

ජීවිතේ කවදාවත් කාටවත් ආයෙත් "අම්මා" කියන්නේ නැහැ කියලා ලොකු ප්‍රතිපත්තියක හිටපු ඒ තරුණයාට, "මට උඹ නැතත් මගේ කොල්ලා ඉන්නවනේ" කියලා පුතා කරගෙන ආදරේ දෙන ලේලි අම්මෙක්ව වගේම, ඕනෑම දේකට දුවගෙන එන තාත්තෙක්ව, සහෝදරයෙක්ව සහ අක්කෙක්ව ඇතුළත් ලස්සනම ලස්සන පවුලක් මේ අවුරුදු 6 ඇතුළත ඇය ඔහුට තෑගි කරලා තිබුණා.

සෙල්ලමට බර වෙලා හිටපු ඒ පිරිමි ළමයාව වගකීම් දරන්න පුළුවන් මිනිහෙක් කරලා, ඔහු දැකපු හීන වලට පණ දීලා, ජීවිතේ සතුට, සැනසීම, නිදහස හැමදේම ඔහුට දෙන්න ඇය උපරිමයෙන්ම කැප වුණා.

"මගේ ජීවිතේ පළවෙනි ආදරේ විදිහට මං ළඟට ඇවිත් මාව දරුවෙක් වගේ බලාගෙන මට ආදරේ දුන්නු ඔයාට ගොඩාක් පින්... ඔයාගේ අන්තිම ආදරේ විදිහට මාව තෝරගෙන මාව සතුටින් තියපු ඔයාට ගොඩාක් ස්තුතියි..."

හැබැයි දෛවය කෙතරම් සරදම්කාරීද කිව්වොත්, ඒ හැම සතුටක්ම එක නිමේෂයකින් අළු දූවිලි කරලා දාලා ඔහු අද ඇයව සදහටම දාලා ගිහින්. ඇය අවසානයට ලියලා තියෙන්නේ කාගෙත් පපුව පැලෙන විදියේ කතාවක්.

"මෙතනින් එහාට ලෝකයාට පේන්න අපි දෙන්නෙක් නෑ.. ඒත් මගේ ජීවිතේ ඔයා හැමදාටම ඉඳීවී මගේ පණ.. ඉතින් සුදූ, ඔයාට සුභ ගමන්!!!!!" මරණයටවත් වෙන් කරන්න බැරි සැබෑ ආදරයක මතකයන් ඉතිරි කරලා සදහටම නික්ම ගිහින්..
 
ඇය මුහුණු පොතේ තැබූ සටහන

අදට හරියටම අවුරුදු 6ක්‌ ඔයා මගෙන් අහපු දේට උත්තරයක් දීලා.. ඔව් ඒ අවුරුදු 6ටම මං ඔයා එක්ක මොන ප්‍රශ්න ආවත් ඔයා ලගින් ඔයා එක්කම හිටියා.. කාලයක් පෙම්වතියක් විදිහට කාලයක් ඔයාගේ බිරිද විදිහට මට ඒ ගැන හරි ආඩම්බරයක් දැනුනා සහ අදටත් දැනෙනවා.. ඔයා මගේ වුණාට පස්සේ මට මං ගැන තිබුණු විශ්වාසයට වඩා මං ඔයාව විශ්වාස කරා.. ඔයාත් ඒ විස්වාසෙම පෙරලා මං ගැනත් තිබ්බා ..මං ඒ අවුරුදු 6 ඇතුලේ ඔයාට අවංක ආදරණීය විශ්වාසනීය පෙම්වතියක්, බිරිදක් වුණා.. ඔයා මට අවංක ආදරණිය විශ්වාසණිය පෙම්වතෙක්, ස්වාමිපුරුෂයෙක් වුණා..

ඒ අවුරුදු 6 ඇතුලත මං ඔයාට ලස්සන පව්ලක් දුන්නා.. ඔයාගේ ඕනිම දේකට දුවගෙන එන ඔයාට කරදරයක් වුණත්, තමන්ගේ ජීවිතේ වැදගත් වෙන විදිහේ හැමදෙයක්ම කියන්න තරම් ඔයාට ඉස්සෙල්ලම මතක් වෙන විදිහේ තාත්තෙක් මං ඔයාට දුන්නා. "

"මට උබ නැතත් මගේ කොල්ලා ඉන්නවනේ" කියලා ඔයා පුතා කරගෙන මාව ලේලි කරන් ඔයාට ආදරේ දෙන අම්මෙක් මං ඔයාට දුන්නා...ජිවිතේ කවදාවත් කාටවත් ආයේ "අම්මා"කියන්නෑ කියලා ලොකු ප්‍රතිපත්තියක හිටපු ඔයාටයි මං ඒ අම්මව දුන්නේ රත්තරනෙ.. කන්න කෑමක් ගත්තත් දෙන්නා ජෝඩු දාලා කොහේ හරි යන්න ගියත් "ආ මල්ලිත් ඉන්නවනේ"කියලා මතක් වෙන සහෝදරයෙක් මං ඔයාට දුන්නා...ඕන දේකට කතා කරන්න පුළුවන් අක්කෙක් මං ඔයාට දුන්නා..ඔයාගේ කකුලේ ඔපරේෂන් එක කරලා හොස්පිටල් එකේ ඉද්දි මහා රෑ මැද්දේ කකුලේ කැක්කුම උහුලගන්න බැරිම තැන ඔයා කෝල් කරලා කියලා තිබ්බේ අක්කට.. එහෙම බැදීමක් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් අක්කෙක් මං ඔයාට දුන්නේ...

"මාමේ අපි ගමේ එනවා" කියලා කෝල් කරාම එයලට වෙන කවුරු ආවත් නැතත් කමක් නෑ.. එයාල කියන්නේ ගිහාන් පුතාට එන්න කියන්න ඕන ඈ අනිවාර්යෙන් කියලා.. එහෙම පව්ලක් මං ඔයාට දුන්නේ...

සෙල්ලමට බර ඔයාව වගකීම් දරන්න පුළුවන් පිරිමි ළමයෙක් කරන්න මට පුළුවන් වුණා...ඔයා දැකපු හීන වලට පණ දීලා ඒවාට හයියක් වෙලා ඔයා ලගින් ඉන්න මට පුළුවන් වුණා...ජිවිතේ සතුට සැනසීම නිදහස ආදරේ හැමදේම හොයපු ඔයාට පුංචි කාලෙකට හරි ඒ හැමදේම දීලා ඔයා ලගින් ඉන්න මට පුළුවන් වුණා...

ඉතින් පිරිමි ළමයෝ මගේ ජීවිතේ පලවෙනි ආදරේ විදිහට මං ළගට ඇවිත් මාව දරුවෙක් වගේ බලාගෙන මට ආදරේ දුන්නු ඔයාට ගොඩාක් පිං...

ඔයාගේ අන්තිම ආදරේ විදිහට මාව තෝරගෙන ජිවිතේ ආදරේ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමේටත් වඩා දේවල් කරලා මාව සතුටින් තියපු ඔයාට ගොඩාක් ස්තුතියි... මෙතනින් එහාට ලෝකයාට පේන්න අපි දෙන්නෙක් නෑ ...ඒත් මගේ ජිවිතේ ඔයා හැමදාටම ඉදිවී මගේ පණ..

ඉතින් සුදූ ... ඔයාට සුභ ගමන්!!!!! "

මුහුණු පොත ඇසුරෙන්





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top