Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
19
ඔබට මේ සතිය කොහොම වේවිද..? ලග්න කිහිපයකට සුබපල උදාවෙද්දී, අනෙක් ලග්න හිමි‍යන් මෙන්න මේ විදිහට ඔබේ දවස සැලසුම් කරගන්න..

- ඔබට මේ සතිය කොහොම වේවිද..? ලග්න කිහිපයකට සුබපල උදාවෙද්දී, අනෙක් ලග්න හිමි‍යන් මෙන්න මේ විදිහට ඔබේ දවස සැලසුම් කරගන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

615 Views

මේ ගෙවී යන්නේ තවත් අලුත් සතියක්. ඔබේ ලග්නයට අනුව සෑම දෙයක්ම සැලසුම් කරන ඔබට මේ සතිය කොහොම වේවිද...?


මේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ කතාවක්. ඉතින් ඔබත් ඒ අනුව ඔබේ ජිවිතය සැලසුම් කරගන්න.

මේෂ ලග්නය
මේෂ ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ගෝචර ගමන මෙම සතිය තුළ දෙක, තුන, හතර, පහ යන රාශිවල ගෝචර වේ. ලග්නාධිපතියා ලග්නයේ ගෝචර වන හෙයින් ද සතියේ මේෂ ලග්නයෙන් උපන් ඔබට තරගකාරී කටයුතු වලට ඉතාම සුබදයි සතියක් වේ. ජයග්‍රහණය පවා අන් වේ. පීඩාකාරී මානසිකත්වයෙන් මිදීමේ හැකියාව ලැබේ. ජන්ම ඒ රාෂ්ටකයේ බලපෑම ප්‍රබලව පැවතිය ද ආර්ථිකය ශක්තිමත් වී අතමිට මුදල් ගැවසෙන සතියක් වේ. ඔබගේ කතාව නිසා සමහර අවස්ථා වලදී හෑල්ලුවට සහ පීඩාවට පත්විය හැක. එම නිසා කට පරිස්සම් කරගෙන කතා කිරීම අත්‍යවශ්‍ය වේ. කතා කරන දේ පිළිබඳ සිය දහස් වාරයක් සිතාමතා කතා කරනවා නම් වඩාත් සුදුසුය ඇස් වල පෙනීම දුර්වල වීමට හේතුවේ. කාලයක් පුරා පැවති ඇස් වල දුබලතා මතු වීමට ඉඩ ඇත. සමහර අවස්ථා වලදී බෙහෙත් ඖෂධ වලටද යොමු වීමටද ශල්‍ය කර්ම පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ද මේ සතිය ශුභ වේ. ස්ත්‍රීන්ගේ වම් ඇසේන්, පුරුෂයන්ගේ දකුණු ඇසේන් පෙනීමේ අපහසුතා මතු වීමට හැකියාව ඇත. ඒ වගේම ඇස් සම්බන්ධව අනතුරු වලට පවා මේ සතිය හේතු වන බව පෙනේ. කට සහ ඇස් ප්‍රවේසම් කරගන්න.

වෘෂභ ලග්නය
වෘෂභ ලග්නයේ උපන් එබගේ චන්ද්‍රයාගේ ගෝචර ගමන මේ සතියේ ලග්නය දෙක, තුන, හතර යන භාවවල ගෝචර වේ.
ලග්නාධිපති සිකුරු දෙවැන්නේ ගෝචර වන හෙයින් සතිය තුළ වෘෂභ ලග්න ඔබට ඉතා සුබදායක කාලයක් උදාවේ. විසිතුරු වැඩ, අත්කම්, රූපලාවණ්‍යය, මැහුම් ගෙතුම් සහ විසිතුරු වැඩවල යෙදෙන වෘෂභ ලග්න ඔබට මේ සතිය ඉතා හොඳින් ආදායම ඉපයීමේ හැකියාව ඇත. වෙනදාට වඩා වැඩ වැඩි නිසා කාර්ය බහුලතාවයෙන් ඔබ වෙහෙසට පත් වේ. ඔබට සමහර අවස්ථාවලදී ලැබෙන වැඩ කරගැනීමට නොහැකි වීම තරම් ඔබ කාර්ය බහුල වේ. කතාවෙන් ප්‍රිය උපදවන, අන් අයගේ සිත් ඇද ගැනීමට හැකියාව ඇති කාලයක් මේ සතිය තුළ උදාවේ. ප්‍රිය සම්භාෂණ සඳහා සම්බන්ධ වීමට ඇරයුම් ලැබේ. විසිතුරු මල්, භෝග සහ කෘෂි කර්මාන්ත කටයුතු සඵල කර ගැනීමට හැකියාව පවතින සතියක් ඔබට උදා වේ.

මිථුන ලග්නය
මිථුන ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ගෝචර ගමන මේ සතිය තුළ දොළොස් වැන්න දෙක, තුන යන භාව වල ගෝචර වේ. ලග්නාධිපති බුධ දොළොස් වැන්නේ ගෝචර වීම නිසා මිථුන ලග්න ඔබගේ මේ සතිය තුළ බලාපොරොත්තු වූ විදේශ ගත වීම් වලටද, විදේශීය ආදායම් උපයාගැනීමටද, උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමටද හැකියාව ලැබෙනු ඇත. හිසේ කැක්කුම නිසා දරා ගැනීමට නොහැකි තරමට වේදනාවක් ඇති වේ. එම නිසා මේ සතිය තුළ ඔබට කළ යුතු බොහොමයක් වැඩ කටයුතු අතපසු වේ. ආදායම ඉහළ නංවා ගැනීමට, බලාපොරොත්තු වන අයුරින් මුදල් ඉපයීමටත් ධනය - වාසනාව ගොඩනගා ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත. කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ කටයුතු අලුතෙන් ආරම්භ කිරීමට සුදුසු කාලය මෙයයි. ඔබගෙන් ලබාගත් ණය මුදල් මේ සතිය තුළ අපහසුතාවයකින් තොරව ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. දුර බැහැර ගමන් නිසා වාසි සැලසේ. එහෙත් හදිසි අනතුරු වැටීම්, තැළීම්, තුවාල වීම් වලට හේතු සාධක මේ සතිය තුළ පෙන්වයි.

කටක ලග්නය
කටක ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ගෝචර ගමන මේ සතියේ එකොළොස්වැන්නේ, දොළොස්වැන්නේ, ලග්නයේ සහ දෙවැන්නේ සිදු වන බැවින්, කටක ලග්න ඔබට මේ සතිය යම් තරමක මධ්‍යඵල ඇති කරන සතියක් වේ. ලග්නාධිපති සඳු මේ සතිය තුළ එකොළහ, දොළහ. ලග්නයේ සහ දෙවැන්නේ යන භාව වල ක්‍රියාකාරීත්වය වැඩිපුර පෙන්නුම් කරන නිසා ඔබේ සුබ බලාපොරොත්තු ඉෂ්ටකර ගැනීමේ හැකියාව පවතිනු ඇත. ආදායම් වැඩිකර ගැනීමට සහ ඔබගේ ව්‍යාපාර කටයුතු සඵලකර ගැනීමේ හැකියාව පවතින සතියක් වේ. කලකට පසු සිහින දැකීමේ සහ සිහින සඵලකර ගැනීමේ හැකියාව පෙන්නුම් කරන සතියකි. මුදල් හරි හම්බ කිරීමට ඇති බාධා මග හැරෙනු ඇත. ව්‍යාපාරික කටයුතු සඵල කර ගැනීමට, මුදල් යොදවා කරන ව්‍යාපාර දියුණු කර ගැනීමටත් මේ සතිය තුළ ඔබට හැකියාව පවතී. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවන අතර, ඔවුන්ගේ කටයුතු සඳහා ඇති මුදල් වියදම් කිරීමට සිදුවන කාලයක් වේ.

සිංහ ලග්නය
සිංහ ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ගෝචර ගමන මේ සතිය තුළ දහය, එකොළහ, දොළහ සහ ලග්නයේ ගෝචර වන නිසා සිංහ ලග්න ඔබට මෙම සතියේ කාලසීමාව ඉතා ක්‍රමවත්ව කළමනා කරණයකින් යුතුව හරි හැටි සැලසුම් කරනවා නම් ඔබගේ ඉදිරි ගමන සාර්ථක කර ගැනීමේ හැකියාව ඇත. ලග්නාධිපති රවි මේ සතියේ දහවැන්නේ ගෝචර වන නිසා ඔබගේ අතපසු වූ කටයුතු සියල්ල වෙනුවෙන් වැඩිපුර කාලයක් යෙදවීම ඉතා සුදුසුයි. රැකියාවේ යම් යම් අඩුපාඩු තිබුණත් ඒවා මගහරවා ගෙන අනෙක් අයගේ සහයෝගය ඇතිව රැකියාවේ කටයුතු, අභියෝගාත්මක කටයුතු සියල්ල සඵල කර ගැනීමේ හැකියාව ඇත. ඔබ රැකියාව වෙනුවෙන් යොමු කරන ලද ඉල්ලුම් පත්වලට මනා පතිචාර ලැබේ. මේ කාලයේදී අෂ්ටම ඒ රාෂ්ටකයේ බලපෑම වැඩිපුර තිබුණද ශරීර සෞඛ්‍ය සම්බන්ධව ඇතිවන ගැටලු වලට මුහුණ දීමද සිදුවේ. හෘදයාබාධ, හදිසි අනතුරු වැනි දෝෂ ඇති වීමට හේතු වේ. ලේ කැටි ගැසීම් නිසා ඔබට වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය වීම, ශල්‍ය කර්ම වලට භාජනය වීමට සිදුවන සතියකි. ප්‍රවේශමෙන් කටයුතු කරන්න. උදේ හයත් - හතත් අතර සූර්ය නමස්කාරය කර ජය පිරිත, මෝර පිරිත සජ්ඣායනා කොට ඉෂ්ට දේවතාවුන් නමස්කාර කර තමන්ගේ වැඩකටයුතු වල යෙදෙන්න.

කන්‍යා ලග්නය
කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ගෝචර ගමන මේ සතිය තුළ සිදු වන්නේ නම වැන්නේ, දහවැන්නේ, එකොළොස් වැන්නේ සහ දොළොස් වැන්නේය. කන්‍යා ලග්න ඔබට මේ සතිය එතරම් සුබදායි සතියක් නොවේ. ලග්නාධිපති බුධ, සිකුරුට හිමි වෘෂභ රාශියේ නම වැන්නේ ගෝචර වන නිසා කන්‍යා ලග්න ඔබට මේ සතිය තුළ උසස් අධ්‍යාපන කටයුතු සඳහා වැඩි වියදමක් දැරීමට සිදුවන බව පෙනේ. සාහිත්‍ය, කලා නිර්මාණ, ගීත රචනා, සුභාෂිතනිර්මාණ බිහි කිරීමට හැකියාව ඇත. එහෙත් ඔබගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධ ගැටලු ඇති වීමට හේතු වේ. ශරීර අභ්‍යන්තරයේ ඇතිවන පීඩා නිසා ඖෂධ ලබා ගැනීමට සිදු වේ. බඩේ අජීර්ණ ඇතිවන බව පෙනේ. කෑම අරුචිය, නුසුදුසු අහාර ශරීරයට එකතු වීම නිසා උදර වේදනා වලට ලක් වීමට හැකියාව ඇත. මේ සතිය තුළ ආහාර පිළිබඳ සැලකිලිමත් වන්න.

තුලා ලග්නය
තුලා ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ගෝචර ගමන මේ සතිය තුළ 8, 9, 10, 11 යන භාව ස්ථානවල සිදුවන හෙයින්ද, ලග්නාධිපති සිකුරු මේ සතියේ බුධට හිමි මිථුනයේ නම වැන්නේ සැරිසරණ හෙයින් තුලා ලග්න හිමි ඔබ මේ සතියේ තරමක් ප්‍රවේසම්වීම අත්‍යවශ්‍ය බව පෙන්නුම් කරයි. වැටීම්, තැළීම්, තුවාල වීම්, හදිසි අනතුරු, ලේ සෙලවීම් සහ හදිසි ශල්‍යකර්ම වලට ඔබට භාජනය වීමට නියමිත කාලසීමාවක් මේ සතියේ උදාවන බව පෙන්නුම් කරයි. ඒ වගේම ඔබගේ ශාස්තෘන් වහන්සේලා වෙනුවෙන් කරන කියන වතාවත් හරි හැටි නිවැරදිව ඉෂ්ට සිද්ධ කරනවා නම් පෙර අකුසල් කර්ම වල බලපෑම තරමක් අඩු කර ගැනීමේ හැකියාව පවතී. ඔබ වචන භාවිතා කිරීමේදී ප්‍රවේසම් වන්න. අන් අයගේ සිත් රිදීම නිසා ඔබ දුබලයකු බවට පත්වීමටත්, ඔබව නොසලකා හැරීමත් සිදුවන නිසා මේ සතිය තුළ ඔබගේ අඩුපාඩු අන් අයට පෙනේ. අන් අයත් සමග ගනුදෙනු කිරීමේදී ඇතිවන මතභේද හැකිතාක් මගහරවා ගන්න.

වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ගෝචර ගමන මේ සතිය තුළ 7, 8, 9, 10 යන භාව ස්ථානවල ගෝචර වන හෙයින්ද ලග්නාධිපති කුජ තමන්ගේම රාශියක් වන මේෂ රාශියේ ගෝචර වෙන හෙයින් ද වෘශ්චික ලග්න ඔබට ඉතාමත් සුබදයි සතියක් වේ. වාසනා දිනුම් මෙන්ම ඉතුරුම් සඳහා මග පෑදෙන සතියකි. අතට මුදල් ලැබෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කාලයකි. පාඩු මග හරවා ගැනීමට හැකියාව ඇත. ලේ සහිත දෝෂ, පපුවේ දැවිල්ල මෙන්ම හදිසි අනතුරු වලට ද භාජනය වීම නිසා පීඩාවට පත්විය හැක. හැකිතාක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ස්කන්ධ කුමාර දෙවියන් වෙනුවෙන් වනාවන් ඉෂ්ට කොට රතු මල් මාලයක් පුජා කරන්න. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වුවද මගහැරී යෑමට ඉඩ කඩ ඇති සතියකි. තරගකාරී කටයුතු වලින් ඉවත්වීම සහ පීඩාකාරී මානසික ක්‍රියාවන්හි යෙදීම ඔබේ සිතේ සතුට නැති කරවීමට හේතුවක් වන නිසා මානසික නිදහස සඳහා පාඩුවේ හැකිතාක් හුදෙකලාව වාසය කිරීම ඉතාමත් සුභදායක වේ.

ධනු ලග්නය
ධනු ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ගෝචර ගමන 6, 7, 8, 9 යන භාව ස්ථානවල සිදුවීම හේතු කරගෙන සහ ලග්නාධිපති ගුරු හත් වැන්නේ සතුරු භාව ගතව මිථුන රාශියේ හැසිරෙන නිසාත්, ධනු ලග්න ඔබට මේ සතිය තුළ බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීම ශුභදායක බව පෙන්නුම් කරයි. නීතිමය කටයුතු වලට මුහුණ දීමටත් අන් අයගේ කටයුතු වලට අතපෑම නිසා වැරදි වලට හසු වීමටත්, නින්දා අපහාස විඳීමටත් සිදුවන නිසා ප්‍රවේසමෙන් මේ සතිය ගතකිරීමට වග බලා ගන්න. අන් අයගේ කටයුතු වලට අතපෙවීම ඔබට අවාසිදායක බව පෙන්නුම් කරයි. ණය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ඔබ මානසික පීඩාවට පත්වීම, අන් කිසිවකුගෙන් සහයක් නොලැබීම, ඔබේ කනස්සල්ලට හේතු වේ. ඔබ අත ඇති මුදල් වුවද අන් අයට ණයට දීමේදී ප්‍රවේසම් වන්න. නැවත ලබාගැනීමට අපහසු වීම නිසා පසු කාලයකදී ඔවුන් පසුපස යෑමට සිදුවෙන බවක් පෙන්නුම් කරයි.

මකර ලග්නය
මකර ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ගෝචර ගමන මේ සතියේදී 5, 6, 7, 8 යන භාව වල ගෝචරවීම හේතු කරගෙන සහ ලග්නාධිපති සෙනසුරු තුන් වැන්නේ සම රාශි ගතව සිටීම නිසාත් මකර ලග්න ඔබට මේ සතියේදී සමබර කාලයකට උරුමකම් කියයි. දරුවන්ගේ කටයුතු වුවද ඉතා හොඳින් කළමනා කරණය කර ගැනීමට හැකියාව පවතින අතර, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට වෙනදාට වඩා වැඩි කැපවීමක්, වෙහෙසක් දැරීමට සිදු වන බව පෙන්නුම් කරයි. ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටලු වරින් වර මතුවන අතර, ස්නායුගත ආබාධ සහ ශරීරය අභ්‍යන්තරයේ මතු වන රෝග පීඩාවන්ට බෙහෙත් ඖෂධ වලට යොමුවීමට සිදුවන කාලයක් වේ. දුර බැහැර ගමන් බිමන් යෙදේ. කාලය කළමනා කරණය කිරීමෙන් එදිනෙදා කටයුතු ක්‍රමවත්ව සිදුකිරීමට හැකියාව පවතී. සෙනසුරුගේ දශා අතුරු දශා පවතින අය විෂ්ණු දෙවියන් වෙනුවෙන් සෙත් කවි කියවීම ඉතාමත් සුබයි.

කුම්භ ලග්නය
කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ගෝචර ගමන මේ සතිය තුළ 4,5,6,7 යන භාව ස්ථානවල ගෝචර වේ. ලග්නාධිපති සෙනසුරු දෙවැන්නේ මීන රාශියේ සමව ගෝචර වන මෙම කාලයේදී හත් අවුරුදු ජන්ම ඒරාෂ්ටක අපල කාලයේ අවසන් කොටස ගෙවන කුම්භ ලග්න ඔබට ඉතා යහපත් සතියක් උදාවේ. ගේ දොර, ඉඩකඩම්, යාන වාහන, තමන්ගේ වත්කම්වල හිමිකම් නිසි අයුරින් කියාපෑමටත්, ඒවාට පැවති බාධක මග හරවා ගැනීමටත්, නොසිතූ ධනයක් හිමිකර ගැනීමටත්, භූමිලාභ, කෘෂි කර්මාන්තයෙන් ලැබෙන ලාභ, මැණික් පතල් කැණීම් තුළින් ධනය හිමිකර ගැනීමටත් හැකියාව පවතින සතියක් වේ. ශරීර සෞඛ්‍ය සම්බන්ධ පැවති ගැටලු කෙමෙන් කෙමෙන් යහපත් අතට හැරෙන අතර, වෛද්‍ය පරීක්ෂණ වලින් පවා යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව ඇත. රාහුගේ, සෙනසුරුගේ දශා, අතුරු දශා ගෙවමින් සිටින අය නුග බෝධීන් වහන්සේ නමක් උදෙසා සෙනසුරාදා දින 7ක් එක දිගට වතාවත් කොට බෝධි පූජාවක් තබන්න.

මීන ලග්නය
මීන ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ගෝචර ගමන මේ සතිය තුළ 3, 4, 5, 6 යන භාව ස්ථානවල යෙදීම හේතු කොට ගෙන සහ ලග්නාධිපති ගුරු මේ සතියේ සතුරුගත මිථුන රාශියේ ගෝචරවීම හේතු කොටගෙන මේ සතිය තුළ මීන ලග්න ඔබට මධ්‍යපල උදා කරයි. මීන ලග්න ඔබගේ හත් අවුරුදු ජන්ම ඒ රාෂ්ටකයේ මධ්‍ය අවස්ථාවේ ගෝචර වන හෙයින් තමන්ගේ පෞරුෂයට හානිවන සහ අන් අයගේ නින්දා අපහාස විඳීමට සිදුවන සතියක් වේ. පවුලේ දුරස්ථ ඥාතීන් නිසා දුක් කම්කටොලු ඇසීමට සිදුවන සතියක් වේ. අන් අය ඔබගෙන් මුදල් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් ඇසුරු කිරීමට පැමිණෙයි. මවගෙන් බොහෝ උදවු ලැබුණද මව්පස ඥාතීන් ඔබට විරුද්ධව නැඟී සිටී. පවුලේ පැවති ආරවුල් නිරවුල් කර ගැනීමට ඔබ සහය පැතුවද එයින් ඔබට බලාපොරොත්තු රහිත පාඩු සිදුවේ. සෙනසුරාදා දින 21 ක් නුග බෝධීන් වහන්සේ නමක් උදෙසා සවස 7 න් පසුව බෝධි පූජා තබන්න.

නැකත ජෝතිශ්‍ය අතිරේකය ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top