ඊට අමතරව, ඇදුම, ක්ෂය රෝගය, පෙනහළු පිළිකා වැනි වෛරස ආසාදන, සෙම්ප්‍රතිශ්‍යාව , උණ, සහ දුම් පානය හේතුවෙන් කැස්ස ඇතිවෙන්න පුළුවන්. මේ සඳහා විවිධ සිරප් වර්ග භාවිතා කිරීම වෙනුවට ඔබේ මුළුතැන්ගෙයි පහසුවෙන් ලබා ගත හැකි අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන ස්වභාවික ප්‍රතිකාර කරන්න උත්සාහ කරන්න පුළුවන්.
01. කහ
වතුර කෝප්ප භාගයක් පමණ රත් කරගෙන, එයට කහ කුඩු තේ හැන්දක්, ගම්මිරිස් කුඩු තේ හැන්දක් සහ කුරුඳු ස්වල්පයක් එකතු කරගන්න. විනාඩි 2,3ක් මෙය හොඳින් උණු කරගන්න. අනතුරුව මී පැණි මේස හැන්දක් එකතු කරගන්න. කැස්ස සුව වනතුරු දිනපතා මෙය පානය කරන්න.
02. ඉඟුරු
ඉඟුරු පෙති කිහිපයක් හොඳින් තලාගෙන වතුර කෝප්පයකට දමා රත් කරගන්න. උගුරේ අමාරුව, නොනවතින කැස්ස සඳහා මෙය දිනකට තුන් හතර වරක් බොන්න.
03. ලෙමන්
ලෙමන් යුෂ මේස හැඳි 2ක් සහ මී පැණි මේස හැන්දක් එක් කිරීමෙන් පහසුවෙන්ම කැස්සට සිරප් එකක් හදාගන්න පුළුවන්. මෙය දිනකට කිහිප වතාවක් පානය කිරීමෙන් ඉක්මනින් කැස්ස සුව කරගන්න පුළුවන්.
04. කැරට් යුෂ
කැරට් යුෂ වෙන්කරගෙන එයට ජලය ස්වල්පයක් එක්කරගන්න. රසය සඳහා මෙයට මී පැණි තේ හැන්දක් ද එක් කරන්න. රෝග ලක්ෂණ අඩු වීම සඳහා දිනකට තුන් හතර වරක් බොන්න.
05. ආමන්ඩ්
ආමන්ඩ් 5ක්,6ක් පැය 8 ත් 10 ත් අතර කාලයක් ජලයේ පොඟවා තබන්න. පොඟවා ගත් ආමන්ඩ් පොඩි කර එයට බටර් එක් තේ හැන්දක එක් කරන්න. ඔබේ රෝග ලක්ෂණ අඩු වන තුරු දිනකට තුන් හතර වරක් එය කන්න.
06. මිදි
මිදී කෑමට ගැනීමෙන් හෝ මිදි යුෂවලට මී පැණි තේ හැන්දක් එක්කර පානය කිරීමෙන් ද කැස්ස සුව කරගත හැක.
ඔන්න ඉතින් ඔබටත් මේ විදිහට පෙති හා සිරප් වර්ග සමග එන අතුරු ආබාධ නොමැතිව කැස්ස සඳහා නිවසේදීම ස්වභාවික ප්‍රතිකාර කරන්න පුළුවන්.
එහෙත්, සති දෙකකට වඩා වැඩි කාලයක් ඔබට අඛණ්ඩව කැස්ස තිබේ නම් ඔබේ වෛද්‍ය උපදෙස් සඳහා යොමුවීමට වග බලාගන්න..
අන්තර්ජාලය ඇසුරෙන්..