පහුගිය දවස්වල දිනේෂ් ගමගේ එක්ක විවාහ දිවියට ඇතුළත් වුණු ශනූ, දැන් ඉන්නේ තමන්ගේම කියලා අලුත් ලස්සන ලෝකෙක.
ඇගේ ජීවිතේ ඉතාම විශේෂ දවසක් තමයි ඇගේ ආදරණීය අම්මාගේ උපන්දිනය. හැමදාම අම්මා ළඟට වෙලා උපන්දින සුබ පැතුම් එකතු කරපු ශනූට, මේ පාර විවාහයෙන් පස්සේ තමන්ගේම නිවසක ඉන්න නිසා ඒ අවස්ථාව මඟහැරිලා තිබුණා.
ඒ නිසාම ඇය ජීවිතේ පළමු වතාවට අම්මාට දුරකථනයෙන් කතා කරලා සුබ පතලා, තමන්ගේ මුහුණුපොතට ආදරණීය පින්තූර කිහිපයක් එක්ක හිත සසල කරන අපූරු සටහනක් එකතු කරලා තිබුණා.
ශනූ සිංහලෙන් තැබූ ඒ ආදරණීය සටහන මෙන්න,
මගේ අම්මාට සුබ උපන්දිනයක් වේවා! ජීවිතේ පළමු වතාවට තමයි මට ඔයාට කෝල් එකක් දීලා සුබ පතන්න සිද්ධ වුණේ, මොකද මම දැන් ගෙදරින් ඈත ඉන්න නිසා. මම හැමදාම දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරන්නේ ඔයාටයි තාත්තාටයි හොඳ සෞඛ්‍යයක් සහ මනසේ සාමය විතරමයි. ළඟදීම මුණගැහෙමු, මම ඔයාට ගොඩක් ආදරෙයි!"
තමන්ගේ අම්මා, තාත්තා ළඟින් හැදී , විවාහයෙන් පස්සේ අලුත් ජීවිතයක් පටන් ගත්තම දැනෙන ඒ පාලුව වගේම දෙමව්පියන් වෙනුවෙන් හිතේ තියෙන අපරිමිත ආදරය මේ කෙටි සටහනෙන් අපූරුවට පෙනෙනවා කියලා රසිකයෝ පවසනවා. මේ සටහන අන්තර්ජාලයට එක්වීමත් සමඟම ප්‍රියසාද් පවුලේ රසිකයන් දහස් ගණනක් ශනූගේ අම්මාට උපන්දිනය වෙනුවෙන් සුබ පතලා ආශිර්වාද කරලා තිබුණා.