Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
26
ලග්න අටකට පෙර පින් මතුවේ.. සිදුවන ප්‍රබල ග්‍රහමාරුවක් ගැන ඇසෙන කතාව මෙන්න..

- ලග්න අටකට පෙර පින් මතුවේ.. සිදුවන ප්‍රබල ග්‍රහමාරුවක් ගැන ඇසෙන කතාව මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

993 Views

මේ කියන්න යන්නේ ඔබට වැදගත් වෙන තවත් එක් කතාවක්. 


කිසිදා ඔබගේ ජීවිතය මෙවන් ග්‍රහ බලපෑමක් නිසා වෙනස් වෙන්නට ඉඩදිය යුතුද..? එසේ නම් මේ ගැන කලින්ම දැනුවත් වෙන්න...

මිථුන, කන්‍යා, ධනු, මීන රාශි සතරට පංච මහා යෝග අතරින් මහා භද්‍ර යෝගය උදා කරමින් මැයි 29 වැනිදා සිකුරාදා පෙරවරු 11.12ට බුධ ග්‍රහයා සිය ස්වක්ෂේත්‍ර මිථුන රාශියට පිවිසෙනවා. මේ අතර මේෂ, කටක, තුලා, මකර රාශි සතරට පංච මහා පුරුෂයෝග අතරින් රුචක යෝගය ඇතුළු පරිජාත, සත්කළත්‍ර යෝග බලයද රාශි දොළසටම අත්පෙත් යෝගබලයද උදා වී තිබෙනවා.

එමගින් ලග්න අටකට දැනුම, අවබෝධය, බුද්ධිමත්භාවය සහ වාසනාව, බලය, ජවය ඇතුළු පෙර පිනන් මතුª කරවන අතර අනෙකුත් ලග්නවලට සිය උත්පත්ති ග්‍රහ බලය අනුව යම් යම් සුබවාදී තත්ත්ව ඇති වනු ඇතියි.

මෙහි බලපෑම ජුනි 22 තෙක් පවතින අතර, මේ අතර බුධ ත්‍රි‍්‍රකෝණ, චතුර්කෝණ, ෂඩ්කෝණ, සප්තම කෝණ දෘෂ්ටියෙන් විද්‍යමාන වෙමින් මේ කාලය තුළ උත්පත්තිය ලබන දරුවන්ගේ කේන්දර සටහන්වල යෙදීමෙන් ඉහත සුබපලවලට හිමිකම් කියනවා.

එසේම මේ ග්‍රහ ගෝචරය ආර්ථීක, සමාජීය, දේශපාලනික, සෞඛ්‍ය,අධිකරණ ආදි පැතිකඩ ඔස්සේ ශුභවාදී වූද හිතවාදිවූද සංඥාවන් පහළ කරන්නෙක්. ගණිත මිණිත, ඉංජිනේරු, කාර්මික, තාක්ෂණික මෙන්ම සාහිත්‍ය, ව්‍යාපාරික කළමනාකරණ, ඡ්‍යොතිර්විද්‍යාව, ගුප්ත විද්‍යා ශාන්ති සේවා මෙන්ම ආයුර්වේද දැනුම, අවබෝධය තීව්‍ර කිරීමෙහිලා අත්පෙත් යෝගය අතිශය වැදගත් වෙනවා. ලේඛන කලා ක්ෂේත්‍රය පොත්පත් සඟරා පවත්වාගෙන යාම ලේඛන රටාවෙහි ආකර්ෂණීය සහ වර්ණවත් බව ආශ්‍රිත දැනුම, අවබෝධය යොමුකළ යුතු කාල පරිච්ඡේදයක්. ආගම දහම, සංස්කෘතික රටාව කෙරෙහි සුවිශේෂි අවධානය යොමුකළ යුතු කාල පරිච්ඡේදයක්. සංවර්ධන රටාවද නවීකරණය කෙරෙමින් ආර්ථික පසුබිම සතුටුදායක බවට පත්කරගත යුතු කාල සීමාවෙක්.

සොබාදහමෙහි යුගකාලීනව යම් යම් වෙනස්කම් වරින්වර ක්‍රියාත්මක වනුයේ පංච මහා භූත ශක්තීන්හි වෙනස්කම් අනුවයි. ග්‍රහ වෙනස්වීමෙහි රටාවන් අනුව ඍතු වෙනස්වීම්ද වා, පිත්, සෙම් කෝප දෝෂ නවග්‍රහ මණ්ඩලය ආශ්‍රිතව විමර්ශනය කිරීම සුදුසයි.

විවිධ ධර්මශාස්ත්‍රීය වූ සංදේශ සාහිත්‍යය මෙන්ම චර්යා ගුණධර්මයන්හි මාහැඟි විවෘත පොතපත පොදු ජනතාව අතරට කළඑළි දැක්වීම, පුවත්පත් සඟරා, නිකුත් වීම යුගකාලීන වූ ගුණාත්මක කලාත්මක පැතිකඩ වෙනවා.

කාලගුණික, දේශගුණික සහ පාරිසරික අවහිර බාධක කෙරෙහි මෙන්ම යානවාහන, ගුවන්, නාවික, දුම්රිය මාර්ග ආශ්‍රිත වූ අවහිර, මාර්ග අනතුරු ඉදිරිකාලීනව බහුලව විද්‍යමාන විය හැකියි.

ශිල්ප ශාස්ත්‍රීය දැනුම, අවබෝධය විධිමත් වෙමින් ඉපැරැණි සංගීතය, චිත්‍ර මූර්ති ශිල්ප ආශ්‍රිතවද බොහෝදුරට අවහිර බාධක දුෂ්කරතාවයන් කඩින්කඩ නිර්මාණය ද විය හැකිය. ළමා හිංසන, අපයෝජන, අනියම් සබඳතා බහුලවන විෂමාචාර පැතිකඩ මෙන්ම වසංගත රෝග ප්‍රවණතා ඇතිවිය හැකිය.
මේෂ රාශිය
රුචක, මධුර පාරිජාත, සත්කළත්‍ර, චන්ද්‍රචූඩා, ආදි යෝග පොකුරකින් අනූන ඔබහට ජවබල සම්පන්න වූ ග්‍රහචාරයක් බලපානු ලබයි. දැනුම, අවබෝධය මෙන්ම තුරඟ තරග විභාග, විජයග්‍රහණ, නිවාස, ව්‍යාපාර, දෙස්විදෙස් ගමන් බිමන්ද සමඟ ආකර්ෂණීය අතිශය වැදගත් සම්භාවනීය උසස් ගුණාත්මක ජීවිතයකට නැඹුරුවෙන කාලපරාසයකි. විෂමාචාර වූ බවක් දැනුණු අවස්ථාවන් මඟහැරීමට වැදගත් කාලපරාසයකි.

වෘෂභ රාශිය
මයුර, පාරිජාත, සත්කළත්‍ර, චන්ද්‍රචූඩා, යෝගබලයක්ද අනූනව සම්භාවනීය ජීවන ගමන්මඟකට තුඩුදෙන දැනුම, අවබෝධයෙන් උත්රීතර ජීවන ගමන් මඟක් යෙදෙන යුගයකි. පදිංචි ස්ථාන ඉඩකඩම්, යුගදිවිය, දූ දරු දැරියනටද ස්වකීය වූ සහකරු සහකාරියටද අතිශය ගුණාත්මක කාලපරාසයකි. ඔබගේ හෝ නිවහනෙහි යමෙකුට රෝගබාධක හෝ නිර්නාමික නාමිකව සොර සතුරු බලවේග මතුවිය හැකිය. ක්ෂණික තීරණ තීන්දු නොගෙන කටයුතු කරලීම යහපත් වෙයි.

මිථුන රාශිය
මිථුන රාශියට භද්‍රයෝගය ද මයුර, පාරිජාත, සත්කළත්‍ර චන්ද්‍රචූඩා යෝගයන්ද ඔබගේ ජීවන ගමන්මග උසස්ම ධාරිතාවකට තුඩු දෙන්නක් බැව් දෘශ්‍යමාන කෙරෙයි. පදිංචි නිවාසය භූමිය යානවාහන, දේපළ වස්තු, ගොඩමඩ ඉඩම්, දූ දරු දැරියන් සහකරු, සහකාරිය ආශ්‍රිත පෙර පින් ගුණය අනන්තව බලපායි. එසේම රැකියා ආදායම් මාර්ග උසස්වීම් සතුටුදායකයි. සංසාරික කුසල ධර්මතා දෙස් විදෙස්හි වර්ධනය කෙරෙයි. දිගුකාලීන වූ ආයුෂ වින්දනයයද නීරෝගිමත් ජීවිතයකට ද භාග්‍යය ඇත.

කටක රාශිය
රුචක යෝග බලය මෙන්ම මයුර, පාරිජාත, සත්කළත්‍ර, චන්ද්‍රචූඩා තේ්ජසර ජීවන ගමන් මඟකට සංසාරික ඔබහට හිමිව ඇති කුසල ධර්මයන් වෙයි. සුඛී සුවපත් දැනුම අවබෝධය දියුණුූ කරගත් ශුභවාදී දූ දරු දැරියන් සහකරු/සහකාරිය වෙනුවෙන් ද බැඳීම ආකර්ෂණීය වන්නේය. පදිංචි නිවෙස වෙළෙඳ ව්‍යාපාර දේපළ,ඉඩකඩම්, යානවාහන, වස්තු ගලා එයි. සංසාරික පින්දහම් පලවිපාක අනන්තවෙයි. ආදායම් මාර්ග උසස් වෙයි. සංසාරික දැනුම අවබෝධයද ගුණාත්මකව වර්ධනය කෙරෙයි. මශේශාක්‍ය මිනිස් මිනිසකු ලෙස විසීමට පින්දහම් කොට ඇත.

සිංහ රාශිය
රුචක යෝගය ලය 01,05,09 ධර්ම කෝණය ආශ්‍රිතවද 03,07,11 ආශ්‍රිතව කාමකෝණයද ජවබල සම්පන්නව ගුණාතමකව බැබළෙයි. මයුර, පාරිජාත, චන්ද්‍රචූඩා යෝග බලැතිව උසස්ම තත්ත්වයකට පාත්‍රව යෙදී ඇත. නිරෝගිබව පදිංචිය උසස් ප්‍රභූ ජනකොටස් ඇසුරු ගොඩමඩ ඉඩකඩම්, යානවාහන, දේපළ වස්තු, උසස්වීම් ගලා එනු පෙනීයයි. තිරතර හැගීම් ඇති උසස් වර්ණවත් ජීවන ගමනකට ආශිර්වාද පෙර පිනෙන් ගලා එනු පෙනී යන්නේය.

කන්‍යා රාශිය
භද්‍ර යෝගය, මයුර පාරිජාත, සත්කළත්‍ර, චන්ද්‍ර චූඩා, සිංහාසන යෝග පොකුරකින් සමන්විත ඔබගේ මේ කාලය අතිශය වැදගත් වෙයි. මයුර ජාරිජාත ආදි යෝගබලැති වීමෙහිලා සංසාරික කුසල ධර්මතාවයන් කෙරෙහි අසීමිත අසාමාන්‍ය බව මනාව විද්‍යමාන වෙන්නේය. රැකියා ආදායම් මාර්ග උසස්වීම් ළඟා කෙරෙයි. පදිංචි ස්ථානය, පදිංචි භූමිය, සහකරු සහකාරිය ආශ්‍රිත තත්ත්වය ගුණාත්මක වෙන්නෙකි. එසේම උසස් වැදගත් වර්ණවත් බවක් දර්ශනය වෙයි.

තුලා රාශිය
රුචක යෝග බලය මයුර, ජාරිජාත, සත්කළත්‍ර, චන්ද්‍රචූඩා පොකුරු යෝග තුළින් සංසාරික කුසලධර්මතාවයන් ජවබල සම්පන්නව කොට ඇති බවක් විද්‍යමාන කෙරෙන්නේය. දෙස් විදෙස් සංචාරක සේවා පදිංචි නිවාස, ගොඩමඩ ඉඩකඩම්, වෙළෙඳ ව්‍යාපාර ශුභවාදි වෙයි. රැකියා උසස්වීම් ආදිය කෙරෙහි සංසාරික කුසල ධර්මතාවයන්ගේ ජවබල සම්බන්න බව විද්‍යමාන කෙරෙන්නේය. ආකර්ෂණීය ජීවන ගමන්මඟකට ජීවිතය නිර්මාණය වන බවක් දෘශ්‍යමාන වන්නේය.

වෘශ්චික රාශිය
මයුර, පාරිජාත, සත්කළත්‍ර චන්ද්‍ර චූඩා, ආදි යෝග තුළින් පූර්ව ආත්ම කුසල කර්ම ඔස්සේ උසස්ම දියුණුවකටද පාත්‍ර වෙනු ඇත. පදිංචිය, ගොඩමඩ ඉඩකඩම්, යානවාහන, රැකියා ආදායම් මාර්ග දියුණුූ වෙයි. වෙළෙඳ ව්‍යාපාර දෙස් විදෙස් ගමන් බිමන් යෙදෙනු ඇත. ප්‍රභූ හා උසස් පිරිස් ඇසුරට ලැබෙයි. නිර්ණාමික/නාමික උසස් මානුෂික මෙහෙයුමක් සිදු කරන බවක් පෙනී යයි. රෝගබාධක දුරස්ථ කෙරෙයි.

ධනු රාශිය
භද්‍ර යෝගය, මයුර, පාරිජාත, සත්කළත්‍ර, චන්ද්‍ර චූඩා යෝග පොකුරෙන් ගිය ආත්මයන්හි කුසලා කුසල කර්මයන්හි කුසලධර්මයන් වර්ධනය වෙයි. දෙස් විදෙස් ගමන් බිමන් සාර්ථක වෙයි. රැකියා ආදායම් මාර්ග සතුටුදායක කෙරෙයි. දූ දරු දැරියන්ගේ මෙන්ම ගොඩමඩ ඉඩකඩම් යානවාහන දේපළ වස්තු ආදියෙන් ජීවිතය පිරී යයි. අඩු ලුහුඩුකම් සම්පූර්ණ කෙරයි. වෙළෙඳ ව්‍යාපාර සේවා දියුණූු වෙයි. සංසාරික පින්දහම් සැළසෙයි. දරුවන්ගේ දියුණුව වර්ධනය වෙයි.

මකර රාශිය
රුචක, මයුර, පරිජාත, සත්කළත්‍ර, චන්ද්‍රචූඩා යෝග දියුණුව ආශ්‍රිත වෙයි. බාධක අවහිර දුෂ්කරතා දුරු කෙරෙයි. නිර්ණාමික නාමික සොරසතරු බලවේග දුරුකරයි. නිවාස පදිචි ස්ථාන ගොඩමඩ ඉඩම් යානවාහන දේපළ වස්තු ලාභ ළඟා කෙරෙයි. උසස් ප්‍රභූ ජනතාව ඇසුර කෙරයි. අඩුලුහුඩුකම් පලා යයි. නිවාස පදිංචිය ඇතුළුව උසස් ජනජීවිතයකට භාග්‍යය උදාවෙයි. ප්‍රභූ ජීවිතයකට ආශීර්වාදය ලැබෙයි.

කුම්භ රාශිය
මයුර, පාරිජාත, සත්කළත්‍ර, චන්ද්‍රචූඩා යෝග බල ලැබෙයි. උසස් ජන ජීවිතයකටද භාග්‍ය ඇත. අවහිර බාධක දුෂ්කරතා මඟහැරෙයි. සංස්සාරික පින්දහම් බලය ගලා එයි. පදිංචි ස්ථානය ඇතුළුව ආදායම් මාර්ග වඩ වඩා ලැබෙනු ඇත. නිර්මාණශීලි ජීවිතයකට වාසනාව ගලා එයි. කාර්යශූර වෙයි. සංසාරික පින්දහම් බලය බොහෝ දුරට හිතකාමි වෙන්නෙකි. උසස් ප්‍රභූ ජනතාව ඇසුරට ලැබෙයි. උසස් රැකියා ආදායම් මාර්ග ලැබෙයි.

මීන රාශිය
සිංහාසන, මහා භද්‍ර යෝගය, මයුර, පාරිජාත, සත්කලත්‍ර, චන්ද්‍ර චූඩා යෝග බලය ආශ්‍රිතව සංසාරික කුසල ධර්මයන් මතු වෙයි. අවහිර බාධක දුෂ්කරතා දුරස් වෙයි. සංසාරික වූ කුසල කර්මයන් ඒකරාශිවෙයි. සියලු ආකාර ලැබීම් සුබවාදි වෙයි. මතු සංසාරික බලය අසාමාන්‍ය වෙයි. සැප සම්පත් ගලා එයි. පදිංචි ස්ථාන භූමි කටයුතු සාර්ථක වෙයි. සියලු අවශ්‍යතා සඵල කරනු ඇත. භාග්‍යයමත් ජීවිතය බොහෝ දුරට සාර්ථක බවට පාත්‍ර වෙන්නෙකි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top