Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
23
අයහපත් කාලගුණය තවදුරටත්.. ප්‍රදේශ රැසක අවදානම ගැන ඇසෙන ඒ ආරංචිය මෙන්න..

- අයහපත් කාලගුණය තවදුරටත්.. ප්‍රදේශ රැසක අවදානම ගැන ඇසෙන ඒ ආරංචිය මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

666 Views

දිවයිනේ බොහෝ ප්‍රදේශවල කාලගුණය අද දවසේ විවිධ ආකාරවලින් දැකගන්න ලැබුණා. මේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ පුවතක්. 


පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කළු ගං ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ඒ ආශ්‍රිත පහත්බිම්වල ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙවා .

මේ බව නිවේදනය කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල ඇතැම් පහත්බිම් සඳහා නිකුත් කර ඇති ගංවතුර අවදානම් නිවේදනයද ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කරන බවයි

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින නිසා දිවයින පුරා ප්‍රදේශ රැසකටම පවතින්නේ අධික වැසි සහිත කාලගුණයක්.

ඒ අනුව අද උදෑසන 6.00න් අවසන් වූ ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ගම්පහ අලවල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

එම අගය මිලිමීටර් 137.80 ක්.

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල ඇතැම් පහත්බිම් සඳහා සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය ඉදිරි පැය 48ක් දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව එම සුළු ගංවතුර අවදානම් නිවේදනය ක්‍රියාත්මක වන්නේ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඇතැම් ප්‍රදේශවලටයි.

එමෙන්ම අත්තනගලු ඔය ආශ්‍රිතව දූනමලේ ප්‍රදේශයේ සුළු ගංවතුර තත්වයක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර කළු ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ඒ ආශ්‍රිත පහත්බිම්වලද ඉදිරි පැය 24ක කාළය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, කළුතර, බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල කළු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකියි.

මේ අතර කළු ගං ද්‍රෝණියට අයත් කුඩා ගඟේ මිල්ලකන්ද ජලමාපාංකය අසලින්, පවතින ජල මට්ටම ඉහළයමින් පවතින බවටද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

කුඩා ගඟේ ජල මට්ටම ඉහළයාමෙන් බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගය ඇටඹගස් හන්දිය සහ නාලියද්ද ප්‍රදේශයෙන් යටවීම නිසා ඒ අවට පහත් බිම් රැසක් ජලයෙන් යටව පවතිනවා.

අධික වර්ෂාවත් සමග කැළණි ගඟේ ජල මට්ටමද ඉහළ යාමෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවාස රැසක් ඊයේ රාත්‍රියේ ජලයෙන් යට වී තිබූ අතර එම ප්‍රදේශවල අද දක්නට ලැබුණේ මෙවැනි තත්ත්වයක්.

මේ අතර කැළණිමුල්ල ප්‍රදේශයට කැලණි ගඟෙන් ජලය පිටාර ගලන ස්ථානයක් හඳුනාගෙන එම ස්ථානයට වැලි කොට්ට යොදා කැලණි මුල්ල යුධ හමුදා කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ බැම්මක් සකස් කළා.

වර්ෂාවත් සමග හංවැල්ල නිට්ටඹුව ප්‍රධාන මාර්ගය පූගොඩ තරාල මංසන්ධියෙන් ජලයෙන් යට වූ අතර එම ප්‍රදේශයේ අද පැවැතියේ මෙවැනි තත්ත්වයක්.

කඩුපිටිඔය පිටාර ගැලීම හේතුවෙන් හලාවත - කොළඹ මාර්ගය මාදම්පේ ප්‍රදේශයේදී ජලයෙන් යට වීම නිසා ගමනාගමනයට බාධා එල්ල වුණා

මේ අතර දෙහිඕවිට - උඩ යෝගම - බටන්ගල හන්දිය ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එම නිවසට හානි සිදුවුණා.

මේ අතර දෙහිඕවිට - පනාවල ප්‍රදේශයේ ද නිවසක් මතට පස් කන්දක් කඩා වැටී එම නිවසට හානි සිදුව තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ කාමරයක් තුළ සිටි කුඩා දරුවෙකු දිවි බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර වර්ෂාව සමග අධික සුළං හේතුවෙන් විදුලි රැහැන් මතට ගසක් කඩා වැටීම නිසා වැල්ලවාය තණමල්විල මාර්ගය අවහිර වී තිබූ අතර ඒ අවට ගම්මාන කිහිපයකට විදුලියද විසන්ධි වී තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ අතර පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර ඇති අතර ඒ යටතේ තුන්වැනි අදියර හෙවත් රතු නිවේදන නිකුත් කර ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල,
දෙහිඕවිට සහ රුවන්වැල්ල, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, කුරුවිට සහ ඇහළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා යි.

එමෙන්ම කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කළ නායයෑමේ දෙවැනි අදියරේ නිවේදනද දීර්ඝ කර තිබෙනවා.

මේ අතර දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහිත තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටද මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි

මෙවන් පසුබිමක දිවයිනට බලපා ඇති වැසි කාලගුණය හේතුවෙන් රත්නපුර, ගම්පහ,කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල පවුල් 1966ක පුද්ගලයින් 7757 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

එමෙන්ම මෙම වැසි කාලගුණය හේතුවෙන් එක් පුද්ගල මරණයක් ගම්පහ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වූ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top