මේ කතාව අහන ඔබේ ඇසටත් නොදැනීම කඳුළක් උනන එක නම් නියතයි.
Aaron Kinsel කියන්නේ නගරයේ කසළ එකතු කරන ට්‍රක් රථයක සේවය කරන සාමාන්‍ය රියදුරෙක්. වෙනදා වගේම එදත් තමන්ගේ රාජකාරිය කරමින් පාර අයිනේ තිබුණු කසළ ට්‍රක් රථයට පටවන්න Aaron සූදානම් වුණා. අන්න ඒ වෙලාවේ තමයි කුණු ගොඩ අස්සේ තිබුණු පැක් එකක් අමුතු විදිහට හෙලවෙනවා එයා දැක්කේ.
කුතුහලය නිසාම වහාම ක්‍රියාත්මක වුණු Aaron, මේ බෑගය පරීක්ෂා කරලා බැලුවා. බෑගයේ සිපර් එක ඇරලා බලපු Aaron ඇතුළු පිරිස දැක්ක දර්ශනයෙන් සම්පූර්ණයෙන්ම ගල් ගැසුණා....
එහි ඇතුළත හිරවෙලා හිටියේ දරුණු ලෙස තුවාල ලබා, අසරණව, මරණාසන්න මොහොතේ හුස්ම ගනිමින් සිටි අහිංසක පුංචි බලු පැටියෙක්. කවුරුන් හෝ අමනුෂ්‍යයෙක් මේ බලු පැටියාව බෑගයක දමා හිරකර, කුණු ගොඩට විසි කරලා ගිහින් තිබුණේ සදහටම මෙලොව හැරයන්න ඉඩහරිමින්.
කිසිම වෙලාවක් නාස්ති නොකළ Aaron, වහාම මේ අහිංසක පැටියාව බේරගෙන පශු වෛද්‍යවරුන් වෙත රැගෙන යන්න කටයුතු කළා. හැබැයි Aaron ගේ වීරකම සහ මිනිස්කම එතනින් නතර වුණේ නැහැ. පළමු බැල්මෙන්ම මේ අහිංසක සත්වයා කෙරෙහි ඇතිවුණු අසීමිත ආදරය නිසාම, සුව වූ පසු මේ බලු පැටියාව සදහටම තමන්ගේ නිවසට ගෙන ගොස් හදා වඩා ගන්න Aaron තීරණය කළා.
අද වෙද්දී මේ බලු පැටියාට Aaron දාලා තියෙන්නේ හරිම අපූරු නමක්. ඒ තමයි "Tipper". Aaron ගේ ආදරය සහ සත්කාර මැද Tipper දැන් සම්පූර්ණයෙන්ම සුවය ලබා ඉතාමත් නිරෝගීව සහ සතුටින් ජීවත් වෙනවා.
හැබැයි වැඩේ කියන්නේ Tipper ගේ වාසනාව එතනින් ඉවර වුණේ නැහැ. දැන් Tipper ව Aaron වැඩ කරන කසළ එකතු කරන මුළු සේවා බලකායේම "ගෞරවනීය නිල සාමාජිකයෙක්" විදිහටයි සලකන්නේ! Aaron වැඩට යද්දී Tipper වත් එක්කන් යන්න අමතක කරන්නේ නැහැලු.
සැබෑ වීරයන් හැමතිස්සෙම ඇඳුම් ඇඳගෙන එන්නේ නැහැ, සමහරවිට එයාලා මේ වගේ "High-vis" ඇඳගෙනත් ඉන්න පුළුවන් කියලා Aaron ලෝකෙටම ඔප්පු කරලා ඉවරයි.
මුහුණු පොත ඇසුරෙන්