තමන්ගේ මුහුණුපොත හරහා දීර්ඝ සටහනක් තබමින් පියුමි ඇගේ අතීතය, ඇය ලස්සන වෙන්න කරපු කැපකිරීම් සහ ඇයට ඉරිසියා කරන අයට සිරාම ටෝක් එකක් දීලා තිබුණේ මෙන්න මෙහෙමයි.
"ලීෆ්ලට් බෙදලා හම්බ කරපු සල්ලි වලින් කඳානෙන් පර්චස් 15ක ඉඩමක් ගත්තා!"තමන්ගේ අතීතය හැංගුවේ නැති පියුමි, ඇය ජීවිතය දිනන්න ආපු කටුක ගමන ගැන මෙහෙම මතක් කරලා තිබුණා..
"ඉස්සර leaflets බෙදුවා මම ඒවා බෙදලා හම්බ කරපු සල්ලි වලින් මම කදානේ පර්චස් 15 ඉඩමකුත් ගත්තා … නීති විරෝදි වැඩ නොකර මහන්සි වෙලා හම්බ කරපු එක මට නම් මාර නම්බුකාරයි. දැන් මම රංගන ශිල්පිනියක් …
"කැතයි කියලා හැමතැනින්ම කොන් කළා! ඔව්, මම Treatments කරලා ලස්සන වුණා!"ඇගේ පෙනුම විවේචනය කරපු අයට පියුමි දුන්නේ හැමෝටම ආදර්ශයක් ගත හැකි අවංක උත්තරයක්..
"දත් බොල්ලැව හදලලු , නහය හදලලු අරවා මේවා සේරම හදලලු … ඔව් මගේ හීනය වුනේ කවදා හරි රංගන ශිල්පිනියක් වෙන්න. කාලයක් මම කැතයි කියලා හැම තැනකදීම කොන් වුනා … වැඩ වලින් ප්‍රතික්ශේප වුණා . මම උත්සහය අත ඇරියේ නෑ මම කොහොම හරි treatment කරලා පොඩ්ඩක් හරි ලස්සනට ඉන්නවා දැන්. එයා කියන විදියට මම perfect කියලා මම හිතනවා …"
තමන් කාටවත් ඉරිසියා නොකර, අම්මා තාත්තා බලාගෙන ලස්සනට ජීවත් වෙන බවත්, සොබාදහම තමන්ට සියලු සැප සම්පත් දී ඇති බවත් ඇය පවසා තිබුණා.
"ළඟදීම තවත් ලොකු Achievements ටිකකට යනවා, දරාගන්න බැරිනම් Block කරන්න!"තමන්ගේ දියුණුව දැකලා මානසිකව විඳවන ෆේක් ප්‍රොෆයිල් අයිතිකාරියට පියුමි අවසානයේදී දුන්නේ පපුව පැලෙන උත්තරයක්...
"ලගදිම මම තවත් මගේ company එකේ ලොකු achievements ටිකකට යනවා . ඒවා දැක්කම ඔයාට පපුව පැලිලා මැරෙයිද දන්නෙත් නෑ . දරා ගන්න අමාරැම නම් මාව block කරලා සැනසීමෙන් නිදා ගන්න . ඔයා වෛරයෙන් හෙට මැරැනොත් මගේ පනුවෙක් වෙලා ඉපදෙයි. Life එකේ ඇරියස් නැති කෙල්ලෙක් වෙන්න . ඔයාගේ අම්මගෙන් අහන්න කොහොමද ඒක කරන්නේ කියලා අම්මා කියලා දෙයි."
අතීතයේ කටුක බව දරාගෙන, අද වෙනකොට තමන්ගේම සමාගමක CEO කෙනෙක් වෙලා, තමන්ට මඩ ගහපු අයට පියුමි ශ්‍රීනායක දුන්නු මේ සුපිරි උත්තරයට සෝෂල් මීඩියා වල නම් ලොකු ප්‍රතිචාර වැස්සක් ලැබෙමින් පවතිනවා.