මේ අනතුරු ඇඟවීම අද (25) පස්වරු 4:00 සිට හෙට (26) පස්වරු 4:00 දක්වා ඉදිරි පැය 24 පුරාම වලංගු වෙනවා. ඔයාලා ඉන්නෙත් මේ කියන අවදානම් කලාපවල නම්, අනිවාර්යයෙන්ම ගොඩක් විමසිල්ලෙන් ඉන්න අමතක කරන්න එපා..
මට්ටම 2
මේ ප්‍රදේශවල ඉන්න අය විශේෂයෙන්ම අවධානයෙන් ඉන්න ඕනේ. මොකද වැස්ස දිගටම තිබුණොත් අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
කෑගල්ල දිස්ත්‍රික්කය: දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල සහ යටියන්තොට
රත්නපුර දිස්ත්‍රික්කය: කුරුවිට, රත්නපුර, අයගම සහ ඇහැලියගොඩ
මට්ටම 1
මේ ප්‍රදේශවල ජීවත් වන ජනතාවත් කාලගුණය ගැන සහ අවට පරිසරය ගැන හොඳ විමසිල්ලකින් ඉන්න එක අනිවාර්යයි.
කොළඹ දිස්ත්‍රික්කය: සීතාවක සහ පාදුක්ක
ගම්පහ දිස්ත්‍රික්කය: අත්තනගල්ල
කළුතර දිස්ත්‍රික්කය: පාලින්දනුවර, මතුගම, බුලත්සිංහල, අගලවත්ත, ඉංගිරිය සහ හොරණ
කෑගල්ල දිස්ත්‍රික්කය: බුලත්කොහුපිටිය
නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව
රත්නපුර දිස්ත්‍රික්කය: කිරිඇල්ල, පැල්මඩුල්ල, නිවිතිගල, ඇලපාත සහ කලවාන
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ජනතාවට මතක් කරන්නේ නායයෑමක පූර්ව ලක්ෂණ ගැන ගොඩක් සලකිලිමත් වෙන්න කියලයි.
පොළොවේ හදිසියේ ඇති වන පැලුම් හෝ පිපිරීම්
ගස්, තාප්ප හෝ විදුලි කණු එකපාරටම ඇලවීම් වලට ලක්වීම
පොළොවෙන් හදිසියේම අලුත් උල්පත් මතුවීම හෝ ගලායන උල්පත් බොර වීම
මෙන්න මේ වගේ ලක්ෂණ දැක්කොත් මොහොතක්වත් ප්‍රමාද වෙන්න එපා. තමන්ගේ ජීවිතේ ආරක්ෂාව වෙනුවෙන් වහාම ආරක්ෂිත ස්ථානයක් කරා ඉවත් වෙන්න ලෑස්ති වෙලා ඉන්න.