මේ වැටලීමේදී ස්පා එකේ අයිතිකාරිය ඇතුළු තවත් කාන්තාවන් තුන්දෙනෙක්ව පොලිස් අත්අඩංගුවට පත්වෙලා තියෙනවා.
පොලිස් විශේෂ කාර්යංශයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව, පොලිසියෙන් උපාය දූතයෙක් දාලා තමයි බණ්ඩාරවෙල, බිඳුණුවැව ප්‍රදේශයේදී මේ මෙහෙයුම කරලා තියෙන්නේ. මෙලෙස අත්අඩංගුවට අරන් තියෙන්නේ බණ්ඩාරවෙල උතුරු කැබිල්ලේවෙල පැත්තේ පවත්වාගෙන ගිය ස්පා එකක හිමිකාරිය සහ එහි සේවය කල කාන්තාවන් තිදෙනෙක්.
අත්අඩංගුවට ගත් පිරිස අතර අවුරුදු 60ක වයස්ගත කාන්තාවකුත් සිටිනවා. ඇයගේ දුරකථනය සහ ස්පා එකේ අයිතිකාරියගේ දුරකථන පරික්ෂා කරපු පොලිසියට දැකගන්න ලැබිලා තියෙන්නේ පුදුම හිතෙන දෙයක්. ඒ තමයි, පාසල් වයසේ පසුවන ළමයින් (සිසුන්) විසින් මොවුන් වෙත එවන ලද කෙටි පණිවිඩ රාශියක් එහි තිබීමයි!
සල්ලි හොයාගත්ත ගමන් එන්නම් කියන අදහසින් යුත් මැසේජ් ඒ ෆෝන් වල තිබුණු බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වෙලා තියෙනවා.
මේ සිද්ධියත් එක්ක ලංකාවේ අම්මලා තාත්තලා තමන්ගේ පාසල් යන වයසේ ඉන්න දරුවන් ගැන මීට වඩා සිය දහස් ගුණයකින් සෙවිල්ලෙන් ඉන්න ඕනේ කියන එක නැවත වතාවක් ඔප්පු වෙනවා.
කොහොමහරි මේ අත්අඩංගුවට ගත් ස්පා හිමිකාරිය ඇතුළු කාන්තාවන් හතරදෙනාව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් පස්සේ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතයි.