අද (20) මධ්‍යම රාත්‍රියේ ඉඳන් ක්‍රියාත්මක වෙන විදිහට කිරි තේ එකක මිල රුපියල් 5කින් ඉහළ දාන්න සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කරලා. ඒ කියන්නේ හෙට උදේ ඉඳන් කිරි තේ එකක් බොන්න වෙන්නේ සාක්කුවට තවත් තට්ටුවක් දාගෙන තමයි!
මේකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ කිරිපිටි මිලත් එක පාරටම රොකට් එක වගේ ඉහළ යෑමයි. කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අද (20) ගත්ත තීරණයකට අනුව අලුත් මිල ගණන් මෙන්න මේ විදිහටයි වෙනස් වෙන්නේ:
ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක්: රුපියල් 50 කින් ඉහළ යනවා.
කිලෝග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක්: රුපියල් 125 කින් ඉහළ යනවා.
මේ හදිසි මිල වැඩිවීමට හේතුව විදිහට ඔවුන් කියන්නේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම කියන එකයි... ආරංචි විදිහට මේ අලුත් මිල ගණන් යටතේ තියෙන කිරිපිටි පැකට් ලබන සතියේ ඉඳන්ම වෙළඳපොළට එන්න නියමිතයිලු.