අට හැවිරිදි වියේ පසුවුණු රමීසා කියන අහිංසක පුංචි දැරියව දූෂණය කරලා, ඝාතනය කරපු මේ සිදුවීම ලෝකයේම ඉන්න අම්මලා තාත්තලාගේ ඇස්වලට කඳුළු උනන්නක් වෙලා තියෙනවා.
පසුගිය අඟහරුවාදා උදේ, පුංචි රමීසා වෙනදා වගේම හරිම ආසාවෙන් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා තියෙනවා. ඇය පදිංචි වෙලා හිටපු මහල් නිවාස සංකීර්ණයේ ඉන්න කොට, එකපාරටම ඇගේ අම්මට තමන්ගේ දුවගේ මර ලතෝනිය ඇහිලා තියෙනවා. කලබල වුණු අම්මා වහාම දුවව හොයාගෙන දිව්වත්, ඇයට මුලින්ම දැකගන්න ලැබිලා තියෙන්නේ ඔවුන්ගේ ගෙවල් අසල තිබුණු වෙනත් නිවසක් ඉස්සරහා වැටිලා තිබුණු රමීසාගේ පුංචි සපත්තුව විතරයි.
ඒ නිවසේ දොරවල් වහලා තිබුණු නිසා ඇතිවුණු සැකයත් එක්ක, වටපිටාවේ අය වහාම එකතු වෙලා දොර කඩාගෙන ඇතුළට ගිහින් තියෙනවා. හැබැයි එතනදී ඔවුන් දැකපු දේකින් මුළු ඇඟම කිලිපොලා ගිහින් තියෙනවා.
කාමරේ තිබුණු ඇඳක් යට සඟවලා තිබිලා තියෙන්නේ රමීසාගේ හිස වෙන් කරපු බඳ කොටස විතරයි.
පස්සේ පොලිසිය ඇවිත් කරපු දැඩි සෝදිසි කිරීම්වලදී, දැරියගේ හිස කොටස හොයාගෙන තියෙන්නේ ඒ ගෙදරම නානකාමරේ තිබුණු බාල්දියක් ඇතුළේ සඟවලා තිබියදීයි.
මේ දරුණු අපරාධය කරපු ප්‍රධාන දූෂකයාව වගේම, ඒකට උදව් කරලා මළසිරුර කැබලි කරලා සඟවන්න උදව් කරපු ඔහුගේ බිරිඳවත් මේ වන විට බංග්ලාදේශ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අහිංසක රමීසා වෙනුවෙන් සාධාරණය ඉල්ලලත්, මේ නරුමයන්ට මරණ දඬුවම වගේ උපරිම දඬුවම් දෙන්න කියලා බල කරලත් මේ වෙනකොට බංග්ලාදේශයේ දහස් ගණන් ජනතාව පාරට බැහැලා දැවැන්ත විරෝධතාවල නිරත වෙනවා.
සමාජ මාධ්‍යයෙන්