මෙතැන ඉන්නේ මිනිසුන්ට හීලෑ කරපු අලි ඇත්තු.
ඉතින් මේ ලස්සන පරිසරය බලන්න තමන්ගේ ආදරණීය සැමියා සහ කිරි කැටියා එක්ක ආපු 33 හැවිරිදි තුලිසි කියන තරුණ අම්මාට මුහුණ දෙන්න වුණේ නොසිතූ විරූ ඉරණමකට.
කඳවුරේ හිටපු මාර්තාණ්ඩ කියන අලියයි, කන්ජන් කියන ඇතායි අතර එකපාරටම දරුණු ගැටුමක් හටගෙන තියෙනවා. හීලෑ සත්තු වුණත්, කේන්ති ගියාම වන මෘගයෝ කියන එක අමතක වෙනවානේ.
මේ සත්තු දෙන්නා කුලප්පු වෙලා මරාගන්න කොට, එතැන හිටපු සංචාරකයෝ හැමෝම බයෙන් කෑගහමින් දුවන්න පටන් අරන්.
අවාසනාවකට, මේ දරුණු සත්ව පොරය මැදට තුලිසි කියන කාන්තාව කොටු වෙලා තියෙනවා. කුලප්පු වුණු සත්තුන්ගේ පෑගීමට සහ පහරදීමට ලක්වුණු ඇය එතැනම ඇද වැටී තිබෙන්නේ බේරෙන්න කිසිම පාරක් නැතිවයි.
දැනට සමාජ මාධ්‍ය පුරා ලැව්ගින්නක් වගේ සංසරණය වන වීඩියෝවක දැක්වෙන්නේ හදවත කෑලිවලට බිඳෙන දර්ශනයක්.
තමන්ගේ බිරිඳ සත්තුන්ට මැදිවෙලා මරණාසන්නව ඉන්නවා දැකපු සැමියා, තමන්ගේ දරුවාවත් එක අතකින් වඩාගෙන, ජීවිත අවදානම පවා නොතකා බිරිඳව බේරාගන්න දඟලන අයුරු එහි සටහන්ව තිබෙනවා.
දරුවා වඩාගෙන හඬා වැටෙමින් ඔහු කල ඒ අසරණ සටන දුටු ඕනෑම කෙනෙකුගේ ඇසට කඳුළක් උනන එක නවත්වන්න බැහැ.
හැබැයි ඒ හැම උත්සාහයක්ම වතුරේ යවමින්, තුලිසි නමැති ඒ ආදරණීය අම්මා මෙලොව හැරගොස් අවසන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
සතුන් කොච්චර හීලෑයි කිව්වත්, උන්ගේ ස්වභාවික වනචාරී ගතිගුණ කවදා හරි ඉස්මතු වෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි සත්ව කඳවුරු හෝ සත්වෝද්‍යාන නැරඹීමට යන විට, සතුන්ට ඕනෑවට වඩා ළං නොවී තමන්ගේ සහ තම පවුලේ අයගේ ආරක්ෂාව ගැන උපරිමයෙන් සැලකිලිමත් වෙන්න කියලා අපේ කියවන්නන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.