කාටවත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ බිස්නස් එකක් කරගෙන ජීවත් වුණු වයස අවුරුදු 82ක අහිංසක අඹුසැමි යුවළකගේ බෙල්ල කපලා, පවුම් 18ක රන් බඩු කොල්ලකාපු ප්‍රධාන සැකකාරයවයි එයාගේ අලුත් බිරිඳවයි ඊයේ (23) හැටන් පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන.
පොලිස් පරීක්ෂණවලින් එළියට ඇවිත් තියෙන තොරතුරු දැක්කම ඇඟේ ලේ වතුර වෙනවා. අත්අඩංගුවට ගත්තු මේ මිනීමරුවා 37 හැවිරිදි හාලිඇළ පැත්තේ එක්දරු පියෙක්. තමන්ගේ පළමු බිරිඳගෙන් වෙන් වෙලා, පස්සේ ෆෝන් එකෙන් අඳුරගත්ත බගවන්තලාව වත්තේ ගැහැනු කෙනෙක් එක්ක දෙවැනි කසාදය කරගෙන තියෙනවා.
ඉතින් මේ අලුත් බිරිඳට රුපියල් ලක්ෂ 2ක ණය මුදලක් තිබිලා තියෙනවා. ඒක ගෙවන්න සල්ලි හොයාගන්න තමයි දික්ඔය පැත්තේ රන් බඩු කඩ කොල්ලකන්න ප්ලෑන් කරලා තියෙන්නේ. හැබැයි ඒ කඩවල සේෆ්ටි එක වැඩි හින්දා ඒ වැඩේ කරගන්න බැරි වෙලා.
බැරිම තැන ඔහු දික්ඔය ටවුන් එකේ ඇවිදිද්දී තමයි අර ඝාතනය වුණු වයසක අම්මා ලොකු රන් මාල ඇඟ පුරා දාලා ඉන්නවා දැකලා තියෙන්නේ. ඉතින් කඩේ එක දොරක් ඇරලා තිබුණු වෙලාවක කාටවත් හොරෙන් ඇතුළට රිංගපු ඔහු, කඩේ ඇතුළෙම පැය ගණන් හැංගිලා ඉඳලා තියෙනවා.
ඊට පස්සේ හොඳම වෙලාව බලලා යකඩ පොල්ලකින් ගහලා, තියුණු පිහියකින් බෙල්ල කපලා මේ අසරණ සීයා වයි ආච්චිවයි දෙන්නවම මරලා දැම්මා. පස්සේ පවුම් 18ක රන් බඩු ටිකත් ගලෝගෙන බගවන්තලාවේ බිරිඳගේ ගෙදරට පැනලා ගිහින්.
මේ අන්තිම නින්දිත මිනීමැරුමෙන් පස්සේ හැටන් පොලිසියෙන් සැකකාරයාගේ පින්තූර මාධ්‍යවලටයි ෆේස්බුක් එකටයි දැම්මා. මේක මුලින්ම දැක්කේ සැකකාරයාගේ බිරිඳගේ මල්ලි. මේ පෝස්ට් එක පෙන්වද්දී බය වෙලා, මෙතන හිටියොත් වැඩ වරදිනවා කියලා දන්න නිසා බිරිඳවත් එක්කගෙන වෙනත් වත්තක නිවසක ගිහින් හැංගිලා තියෙනවා.
හැබැයි හැංගෙන්න ඉඩක් ලැබුණේ නෑ....ෆේස්බුක් එකේ ශෙයා වුණු පොලිස් නිවේදනයයි පින්තූරෙයි දැකපු ඒ වත්තේ හිටපු දක්ෂ තරුණියක්, "මේ ඉන්නේ අපේ වත්තට ඇවිත් ඉන්න මිනීමරුවා නේද" කියලා එකපාරටම අඳුරගෙන වහාම බගවන්තලාව පොලිසියට ඔත්තුව දීලා තියෙනවා.
ඔත්තුව ලැබුණු සැනින් ක්‍රියාත්මක වුණු පොලිස් කණ්ඩායම් මුළු වත්තම වටලලා, සැකකාරයවයි එයාගේ බිරිඳවයි කොල්ලකාපු රන් බඩු තොගයත් එක්කම කුදලගෙන හැටන් පොලිසියට බාර දීලා තියෙනවා.
රන් බඩු තණ්හාව නිසා නරුමයෙක්ගේ අතින් ජීවිත අහිමි වුණු ඒ අහිංසක අඹුසැමි යුවළගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද (24) දවසේ දික්ඔය පොදු සුසාන භූමියේදී කෙරෙනවා කියලා තමයි ආරංචිය.