අනියම් පෙමක සැකය දුරදිග ගිහින්, තමන්ගේම සැමියා පදවපු ත්‍රීවීල් එකෙන් එකපාරටම පැනලා 24 හැවිරිදි තරුණ බිරියක් මෙලොව හැර ගිය කඳුළු කතාවක් පනාමුරෙන් වාර්තා වෙනවා.
මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ බුලුතොට, යක්මඩිත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දිලහාරා සෙව්වන්දි කියන 24 හැවිරිදි රූමත් තරුණියයි.
පසුගිය 12 වැනිදා දිලහාරා තමන්ගේ සැමියාත් එක්ක ආදරෙන් පනාමුරේ ඉන්න තමන්ගේ අම්මයි තාත්තයි බලන්න ගිහින් තියෙනවා. හැබැයි ඉතින් ගෙදරින් පිටත් වෙලා එන අතරමගදී ත්‍රීවීල් එක ඇතුළේදී මුළු ජීවිතේම කඩුන්නෙයියා වෙන්න ලොකු වලි පටන් අරන්! ඒ, සැමියා වෙනත් කාන්තාවක සමඟ අනියම් ඇසුරක් පවත්වනවා කියලා දිලහාරාට ඇති වුණු සැකයක් නිසා.
ත්‍රීවීල් එක ඇතුළේ වාදවිවාදය උපරිමයටම ගිහින්, දෙන්නාටම මල පැනලා තියෙන්නේ. එක වෙලාවක හොඳටම අප්සෙට් ගිය දිලහාරා, මට මේ ජීවිතේ එපා.. මං දැන් මේ ත්‍රීවීල් එකෙන් පනිනවා! කියලා සැමියාට කෑගහලා තියෙනවා.
සැමියා ඒක සිරාවට ගත්තේ නැතුව ත්‍රීවීල් එක ඉස්සරහටම පදවගෙන ගිහින්. හැබැයි නොහිතපු වෙලාවක, වේගයෙන් ධාවනය වුණු ත්‍රීවීල් එකේ දොරෙන් දිලහාරා එකපාරටම මහපාරට පැනලා!
පාරේ වැදිලා ඔළුවට සහ ඇඟට බරපතළ තුවාල ලබපු ඇයව සැමියා විසින් වහාම පනාමුර රෝහලට ඇතුළත් කරලා, තත්ත්වය දරුණු නිසා පස්සේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කරලා යැව්වා. හැබැයි දින කිහිපයක් මරණයත් එක්ක දැඩි සටනක යෙදුණු දිලහාරා, පෙරේදා (මැයි 17) රෝහලේදී අවසන් හුස්ම හෙළුවේ හැමෝම අඬවමින්.
මේ අභිරහස් මරණයත් එක්කම පනාමුරේ පොලිසිය වහාම ක්‍රියාත්මක වෙලා මියගිය තරුණියගේ සැමියාව කුදලාගෙන ගිහින් කූඩුවට දාලා තියෙනවා.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැමියා නම් අඬ අඬා කියන්නේ, අනේ සර්, මට වෙන කිසිම හොර සම්බන්ධයක් තිබුණේ නෑ.. එයා නිකන් බොරුවට සැක කරලා මාව බය කරන්න ත්‍රීවීල් එකෙන් පැන්නා කියලයි. හැබැයි පොලිසිය කියන්නේ බිරිඳ මෙහෙම කියද්දී ත්‍රීවීල් එක නොනවත්වා, නොසැලකිලිමත්ව ධාවනය කිරීමෙන් මරණයකට ඉඩ සැලසීමේ බරපතල චෝදනාව මත ඔහුව උසාවි දාන්න ලෑස්ති කරනවා කියලයි.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පස්සේ මේ මරණය පිටිපස්සේ තියෙන තවත් රහස් එළියට එයි කියලා පොලිසිය කියනවා. එක මොහොතක කේන්තිය සහ සැකය නිසා නැති වුණේ තවත් එක වටිනා තරුණ ජීවිතයක්..
අරුණ පුවත්පත ඇසුරෙන්....