වැටිලා අඬපු රැයවල් දහස් ගණනක් තිබුණත්, තමන්ගේ එකම වස්තුව වුණු පුංචි පුතා වෙනුවෙන් හැමදාම උදේට හිනාවෙලා නැගිටින මේ ආදර්ශමත් අම්මාව ඔයාලට දැකගන්න ලැබෙන්නේ කොළඹ One Galle Face එක ඉස්සරහා පදික වේදිකාවේදීයි.
ඇයගේ එක අතක තියෙන්නේ මිනිස්සුන්ගේ බර කිරන මැෂින් එකක්. අනිත් අතේ ඉන්නේ පණ වගේ ආදරේ කරන ඇයගේ පුංචි පුතා.
පුතා ලැබෙන්න ඉන්නකොටම මහත්තයා දාලා ගිහින්.. අද වෙනකම් ගෑණු 5ක් එක්ක ඉඳලා...
මේ අම්මාගේ අතීත කතාව ඇහුවොත් ඔයාගේ ඇස්වලටත් නොදනිම කඳුළු ඒවි. ඇයට මේ පුංචි පුතා ලැබෙන්න ඉන්න දවසේම ඇයගේ සැමියා ඇයව අතහැරලා දාලා ගිහින් තියෙනවා. ඒ වෙලා දැන් අවුරුදු 5ක් වෙනවලු. ඒ අවුරුදු 5 ඇතුළත ඔහු තවත් කාන්තාවන් 5 දෙනෙකු සමඟම ජීවත් වෙලා තියෙනවා කියලා තමයි ඇය පවසන්නේ.
හැබැයි මේ හැමදේම දිහා බලලා අද ඇය කියන්නේ පුදුම හිතෙන කතාවක්. "ඒත් දිනුවේ මම" කියලයි ඇය ආඩම්බරයෙන් කියන්නේ.
මොකද තවත් එක ද්‍රෝහී මිනිහෙක් නිසා තමන්ගේ ජීවිතේ නාස්ති කරගන්නේ නැතුව, කාටවත් අත පාන්නේ නැතුව, මහ පාරේ අව්ව වැස්ස නොබලා තමන්ගේ දරුවා වෙනුවෙන් තනියම ජීවිතේ ගොඩනගා ගන්න එකම ඇය ලබපු ලොකුම ජයග්‍රහණයක් නේද?
සැබෑ ශක්තිමත් ගැහැණියක් කියන්නේ කවදාවත් නොඅඬා ඉන්න කෙනෙක් නෙවෙයි, ඕනෑම පාවාදීමක්, බිඳවැටීමක් ඉස්සරහා වුණත් ආයෙත් නැගිටලා දරුවොත් එක්ක ඉස්සරහටම යන කෙනෙක් කියලා මේ අම්මා මුළු රටටම පෙන්වලා දීලා ඉවරයි.