ඇගේ සුන්දරත්වය වගේම ඇය කරන කියන දේවල් ගැනත් නිතරම රසිකයෝ සෑහෙන්න උනන්දුයි.
ඔන්න ඉතින් පහුගිය දවසක පියුමි පරිසර සුන්දරත්වය එක්ක එකතු වෙලා, හරියට නිකන් ජීවමාන බෝනික්කෙක් වගේ ලස්සනම ලස්සන ෆොටෝ ශූට් එකක් කරලා තිබුණා. හැබැයි ඇය ඒ ෆොටෝස්වලට දාලා තිබ්බ කැප්ෂන් එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි...
හැමදාම සතුටින්, විනෝදයෙන් ඉන්න පියුමි, මේ ලස්සන ෆොටෝස් ටික ශෙයාර් කරමින් ජීවිතේ ගැන සෑහෙන්න ගැඹුරු අදහසක් එකතු කරලා තිබුණා.
ඇය ඇගේ නිල ගිණුමේ සටහන් කරලා තිබුණේ මෙන්න මෙහෙම කතාවක්...
"කාලය විසින් මා හට බොහෝ දේ වටහා දී ඇත. මිනිසුන් මිනිසුන්ම නොවන බවද.. ආදරය ආදරයම නොවන බවද.. අවසානයේ තමන්ට තමන් පමණක්ම බවත් නිසිපරිදි වටහා දී ඇත..."
"මිනිසුන් මිනිසුන්ම නොවන බව සහ ආදරය ආදරයම නොවන බව" ඇය කියන්නේ කාටද කියන එක ගැන දැන් සෝෂල් මීඩියා එකේ ලොකු කුතුහලයක් නිර්මාණය වෙලා තියෙනවා.කොහොම වුණත්, ජීවිතේ එක එක කාල වකවානුවලදී අපිට එක එක අත්දැකීම් ලැබෙනවා නේ.
පියුමි මේ කියන කතාව ඇතුළෙත් හැමෝටම ගන්න ලොකු ආදර්ශයක් තියෙනවා කියලා නම් පැහැදිලියි.
ඉතින් බලන්නකෝ බෝනික්කෙක් වගේ ලස්සන පියුමිගේ ඡායාරූප එකතුව...






