කාලයක් පුරාම තමන්ගේ රංගන ප්‍රතිභාවෙන් වගේම ආකර්ෂණීය පෙනුමෙන් රසික හදවත් දිනාගත් ලෝචනා ගැන අලුත්ම කතාබහක් මේ දිනවල සමාජ මාධ්‍ය පුරාම පැතිරෙනවා.
ඒ ඇය සමාජ මාධ්‍යයට එක් කළ අතිශය මනරම් නවතම ඡායාරූප පෙළත් , ඒ එක්කම ඇය තැබූ අර්ථවත් සටහනත් නිසයි!
බොහෝ දෙනෙක් සමාජයට පේන්න විවිධ මුහුණු දාගෙන ජීවත් වෙන කාලෙක, ලෝචනා තමන්ගේ සුරූපී ඡායාරූප පෙළක් එක්ක තබලා තිබුණේ ඉතාමත් සරල වගේම ගැඹුරු අදහසක්. ඇය එහි මෙසේ සඳහන් කර තිබුණා...
"මට මං වෙලා ජීවත් වෙන්න ආසයි හැමදාම මේ වගේ..."
කෘත්‍රිම විලාසිතා පසුපස දුවන සමාජයක, 'මට මං වෙලා ඉන්න ආසයි' කියපු ලෝචනාගේ මේ සරල කතාව බොහෝ දෙනෙකුගේ හිත් ගත්ත කතාවක් බවට පත්වෙලා අවසන්.