ඔන්න ඒ අනුව, හෙට (27) දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙනවා.
ඔබත් පහත සඳහන් ප්‍රදේශවල ජීවත් වන හෝ හෙට දිනයේ එහි සංචාරය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම සූදානමකින් සිටීම වඩාත් සුදුසුයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව හෙට දිනයේදී මෙම ප්‍රදේශවලට වැසි ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක
මේ අතර, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි වාර්තා වෙන්නේ. ඒ නිසා ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී අකුණු අනතුරුවලින් බේරෙන්නත් ප්‍රවේශම් වෙන්න ඕනේ.
වැස්ස විතරක් නෙවෙයි, හෙට දවසේ සුළඟේ වේගයත් තරමක් වැඩි වෙන්න ඉඩ තියෙනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර මට්ටමකින් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.