හැබැයි ඔන්න දැන් ඒ සෙල්ලම් බෑ.. ලංකාවේ හැම පාසල් ආපනශාලාවකටම බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉතාමත් දැඩි තීරණයක් අරන් තියෙනවා.
හොට් ඩෝග්, බර්ගර්, පීසා, බිස්කට්, කේක් වගේම බීම පැකට් ඇතුළු අධික සීනි සහිත ආහාර, තෙල් සහිත ආහාර සහ සැකසූ මස් යොදාගෙන හදන කෑම වර්ග පාසල් කැන්ටිම්වල විකිණීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් අලුත්ම චක්‍රලේඛයක් නිකුත් කරලා තිබෙනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය තමයි මේ සුපිරි නියෝගය ගැන රටටම හෙළි කළේ.
සෞඛ්‍ය අංශ කරපු අලුත්ම සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙන්නේ අපේ රටේ දරුවන් පුදුමාකාර විදිහට ලෙඩ රෝගවලට ගොදුරු වෙමින් ඉන්නවා කියන එකයි. අවුරුදු 13ත් 17ත් අතර වයසේ ඉන්න දරුවන්ගෙන් ලැබුණු දත්ත ඇත්තටම භයානකයි.
අධික තරබාරුවෙන් පෙළෙන දරුවන් - 12%
අධික ස්ථූලතාවයෙන් පෙළෙන දරුවන් - 3%
කාබනීකෘත බීම බොන දරුවන් - 17.4%
අධික ලුණු සහිත ආහාර කන දරුවන් - 28.5%
අධික තෙල් සහිත ආහාර කන දරුවන් - 29%
අධික සීනි සහිත ආහාර කන දරුවන් - 41%
මේ තත්ත්වය නිසා ලංකාවේ පාසල් දරුවන් අතර වයසට වඩා මහත් වීම (තරබාරුව) සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.