ඒ අනුව රථ වාහන පැදවීමේදී ආසන පටි පැළඳීම අනිවාර්යය වන අතර, අධිවේගී මාර්ගවල ධාවනය කරන්නේ නම් වාහනයේ සිටින සියලු මගීන් ආසන පටි පැළඳිය යුතු වෙනවා. එම නීතිය ක්‍රියාත්මක කිරීමට සහන කාලයක් ලබාදී තිබූ අතර, එය ඊයේ දිනයෙන් අවසන් වුණා.
ඒ අනුව රථවාහනවල ඉදිරිපස මෙන්ම පසුපස ගමන් ගන්නා මගීන්ට ද ආසන පටි පැළඳවීම අනිවාර්ය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අද සිට මෙම නීතිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව සඳහන් කළේ.
සාමාන්‍ය මාර්ගවල ධාවනය වන වාහනවල රියදුරු සහ ඉදිරිපස අනෙක් ආසනයේ ගමන් ගන්නා මගියා ආසන බඳ පටිය පැළඳීම අනිවාර්ය වන අතර, අධිවේගී මාර්ගයේ ගමන්ගන්නා වාහනවල රියදුරු හා සියලු මගීන් ආසන බඳ පටි පැළඳිය යුතුයි.
#HiruGossip #HiruTV #Hiru #HiruDigital