දුම්රිය ලෝලීන් සහ වතුකරයේ ජනතාව මහත් නොඉවසිල්ලෙන් බලා සිටි මේ සුභ ආරංචිය අද දින නිල වශයෙන් නිවේදනය කෙරුණා.
දරුණු කාලගුණයත් සමඟ නානුඔය සිට අඹේවෙල දක්වා දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදු වී තිබුණා. කෙසේ වෙතත්, දුම්රිය සේවකයින්ගේ දැඩි කැපවීම මත මේ වන විට එම හානි වූ කොටස් සම්පූර්ණයෙන්ම පිළිසකර කර අවසන් කිරීමට හැකි වී තිබෙනවා.
ඒ අනුව, මේ මස 20 වැනිදා සිට නානුඔය සහ බදුල්ල අතර දුම්රිය ගමනාගමන කටයුතු නැවත සාමාන්‍ය පරිදි සිදුවන බවයි වාර්තා වන්නේ.
මගීන්ගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් මෙම ධාවන කටයුතු විශේෂ කාලසටහනක් යටතේ සිදු කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ. එබැවින් ගමන් බිමන් යාමට පෙර දුම්රිය වේලාවන් පිළිබඳව නැවත වරක් විමසා බැලීම වඩාත් සුදුසු වනවා.
නානුඔය - බදුල්ල කොටස විවෘත වුවත්, උඩරට මාර්ගයේ රඹුක්කන සිට නානුඔය දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකට සිදුවූ හානි තවමත් පවතිනවා. එම කොටස්වල නඩත්තු සහ පිළිසකර කිරීමේ කටයුතු මේ වන විටත් ඉතා කඩිනමින් සිදුවෙමින් පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.