මොකද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඔන්න අද (12) උදේ පාන්දරම සිරාම අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. ලංකාවේ පළාත් සහ දිස්ත්‍රික්ක ගණනාවකට අද දවස පුරාම විටින් විට හෝ ගාලා වැස්ස වහින්න නියමිතයිලු.
ඒ විතරක් නෙමෙයි, සමහර පැතිවලට මිලිමීටර් 75 ඉක්මවපු තද වැසි කඩා හැලෙන්න ලොකු ඉඩක් තියෙනවා කියලයි ආරංචිය!
ඔයාලා ඉන්නෙත් මේ කියන පැතිවල නම් ඉතින් අද දවසේ සේදීම සහ වේලීම ගැන බලාපොරොත්තු අත ඇරලා දාන්න වෙනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටයි...
ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටයි තමයි මේ මිලිමීටර් 75 ඉක්මවන වැසි තර්ජනය තදින්ම තියෙන්නේ.
මේ අතරේ හම්බන්තොට සහ අනුරාධපුර පැත්තේ ඉන්න අයටත් විටින් විට වැසි වාර කිහිපයකින් තෙමෙන්න සිද්ධ වෙනවා.
ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව පැත්තේ ඉන්න අයට උදේ වරුවේ ෂේප් එකේ ඉන්න ලැබුණත්, හවස 1න් පස්සේ නම් ලෙෆ්ට් වෙන්න වෙන්නේ ගිගුරුම් සහිත වැසි කඩාගෙන වැටෙන්න පුළුවන් නිසයි.
වැස්ස විතරක් ආවා නම් තව කමක් නෑ, මෙන්න සුළඟත් ගේම ඉල්ලනවා! මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුර, උතුරු-මැද, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය පැතිවලට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයෙන් හුළං හමන්න පුළුවන්. අනෙක් පැතිවලටත් පැයට කිලෝමීටර් 30-40 ක සෙල්ලම් නැති සුළඟක් එනවා කියලා තමයි කාලගුණය කියන්නේ.
වැස්සත් එක්ක හෙණ ගහන්න, අකුණු කෙටීමේ ලොකු අවදානමකුත් තියෙන නිසා ෆෝන් එක චාජ් එකට ගහගෙන ඉන්න එක, ඉලෙක්ට්‍රොනික බඩු පාවිච්චි කරන එක වගේ දේවල් ගැන අද ටිකක් සීරියස් විදිහට හිතන්න. පරිස්සමෙන් ඉන්න එක හැමෝටම හොඳයිනේ!