Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
05
රජයේ ජොබ් එකක් නොකරන ඔබටත්, වයස 60 දී ජීවිත කාලයටම විශ්‍රාම වැටුපක් ගන්න හැකි සුපිරි ක්‍රමය මෙන්න.

- රජයේ ජොබ් එකක් නොකරන ඔබටත්, වයස 60 දී ජීවිත කාලයටම විශ්‍රාම වැටුපක් ගන්න හැකි සුපිරි ක්‍රමය මෙන්න.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

165 Views

ලංකාවේ ඉපදුණු හැම මනුස්සයෙක්ගෙම ලොකුම හීනයක් තමයි කවදා හරි රජයේ රජකාරියක් අල්ලගන්න එක.


ඒකට ප්‍රධානම හේතුව තරුණ කාලේ මහන්සි වෙලා වැඩ කරලා, වයසට ගියාම කිසිම කරදරයක් නැතුව මාස් පතා අතට ලැබෙන "ගවර්න්මන්ට් පෙන්ෂන්" එක හෙවත් විශ්‍රාම වැටුපයි.

හැබැයි ඉතින් පෞද්ගලික අංශයේ වැඩ කරන අයට, තමන්ගේම බිස්නස් කරන අයට වගේම කලාව, නාවික, විදේශ රැකියා ක්ෂේත්‍රවල ඉන්න අයට මේ වරප්‍රසාදය නැහැ කියලා හැමෝම දුක් වෙනවා. නමුත් රජයේ ජොබ් එකක් නොකරන ඔබටත්, වයසට ගියාම ජීවිත කාලයටම විශ්‍රාම වැටුපක් ගන්න පුළුවන් සුපිරි ක්‍රමයක් ලංකාවේ තියෙනවා කියලා ඔබ දැනන් හිටියාද?

මේක කිසිම බොරුවක් නෙවෙයි, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය හරහා ක්‍රියාත්මක වන නිල වැඩපිළිවෙළක්! ඒ ගැන ඔවුන් හෙළි කළ සම්පූර්ණ විස්තරය මෙන්න.

සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරි කල්හාරි ද සිල්වා මහත්මිය පෙන්වා දෙන්නේ ලංකාවේ සේවය කරන පිරිසෙන් 55%ත් 60%ත් අතර ප්‍රමාණයක් ඉන්නේ රජයේ විශ්‍රාම වැටුප් අහිමි අංශවල බවයි. ඒ හැමෝගේම වයස්ගත කාලය සුරක්ෂිත කරන්න තමයි මේ මණ්ඩලය පිහිටුවලා තියෙන්නේ.

මෙහි ඇති විශේෂම වාසිය තමයි, වයස අවුරුදු 60 ඉක්මවූ පසුව ඔබට මේ විශ්‍රාම වැටුප ජීවිත කාලය පුරාම ලැබෙනවා වගේම, ඔබෙන් පසුව ඔබේ බිරිඳට හෝ සැමියාට (කලත්‍රයාට) පවා මෙහි හිමිකම ලබාගන්න පුළුවන් වීම!

සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රවර්ධන කළමනාකරු ඩී.එස්. ලක්මාල් මහතා පවසන පරිදි ඕනෑම කෙනෙකුට තමන්ගේ කැමැත්ත සහ වෘත්තිය අනුව සම්බන්ධ විය හැකි සැලසුම් කිහිපයක්ම තියෙනවා.

1. සුරැකුම- වයස අවුරුදු 18ත් 59ත් අතර, රජයේ පෙන්ෂන් නැති ඕනෑම කෙනෙකුට සම්බන්ධ විය හැක. ඔබට කැමති මුදලක් සහ ගෙවීමේ ක්‍රමයක් මෙහිදී තෝරාගත හැකියි.

2. ආරස්සාව (දරුවන් වෙනුවෙන්)- උපතේ සිට වයස 17 දක්වා දරුවන්ට දෙමාපියන් හරහා සාදන්න පුළුවන් පූර්ව විශ්‍රාම වැටුප් ක්‍රමයකි. වයස 18 වෙද්දී මේ ගිණුම කල් පිරී, එය කෙළින්ම 'සුරැකුම' ක්‍රමයට එකතු වේ.

3. විගමනික- රට රැකියාවල ඉන්න අපේ විරුවන්ට වයසට ගියාම රැකවරණය දෙන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා එකතු වී හඳුන්වා දුන් සුපිරි ප්ලෑනකි. (වයස 18-59 අතර අයටයි).

4. කලාකරු- නිල වශයෙන් පෙන්ෂන් නැති නළු නිළියන්, ගායකයන්, චිත්‍ර, සංගීත, නැටුම්, ලේඛන කලාව වගේම ජ්‍යොතිෂය වැනි අංශවල ඉන්න කලාකරුවන් වෙනුවෙන්ම වෙන් වූ විශේෂ සැලසුමකි (වයස 23-55).

5. නාවිකයා- වෙළෙඳ නාවිකයන් වෙනුවෙන් හදිසි අනතුරු සහ වයස්ගත කාලය වෙනුවෙන් හඳුන්වා දුන් විශේෂ ආරක්ෂණ ක්‍රමයකි.

සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති කේ.බී. දිසානායක මහතා පට්ටම උදාහරණයකින් මේක පැහැදිලි කරලා දුන්නේ මෙන්න මෙහෙමයි:

"හිතන්නකෝ වයස අවුරුදු 30ක කෙනෙක් ඉන්නවා කියලා. එයාට වයස 60 පිරුණට පස්සේ හැම මාසෙම රුපියල් 50,000ක විශ්‍රාම වැටුපක් ඕනේ නම්, එයා දැන් එකවරම ගෙවන්න ඕනේ රුපියල් 587,000ක් විතරයි!"

ලක්ෂ 5කට වඩා ටිකක් වැඩි මුදලක් එකපාර දාලා, වයස 60න් පස්සේ මැරෙනකම්ම මාසෙට 50,000 ගානේ ගන්න ලැබෙනවා කියන්නේ පට්ටම ලාභ වැඩක් නේද? එකවර ගෙවන්න බැරි අයට මාසිකව, මාස 3කට වරක් හෝ වාර්ෂිකව වාරික වශයෙන් ගෙවන්නත් පහසුකම් දීලා තියෙනවා.

මේකට ලියාපදිංචි වෙන්න ලොකු කට්ටක් කන්න ඕනේ නැහැ. ඔබේ ගමේ ඉන්න ග්‍රාම නිලධාරී මහතා, සමෘද්ධි සංවර්ධන නිලධාරී මහතා මඟින් හෝ ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්. නැත්නම් සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නිල වෙබ් අඩවියට (SLSSB Web Site) පිවිසිලා ඔන්ලයින්ම ලියාපදිංචි වෙන්නත් පුළුවන්.

තරුණ කාලේ හම්බකරන සල්ලි නාස්ති නොකර, වයසට ගිය කාලේ කාටවත් අත නොපා ජීවත් වෙන්න මේක සුපිරිම අවස්ථාවක්-
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top