ඒ වෙන මුකුත් නෙවෙයි, රාජ්‍ය හෙද සේවයට අලුතින්ම 3,000ක පිරිසක් බඳවා ගැනීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් නිකුත් කරලා තියෙනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ විශේෂ උපදෙස් පරිදි ක්‍රියාත්මක වෙන මේ වැඩපිළිවෙළ, තරුණ තරුණියන්ගේ රැකියා සිහිනය සැබෑ කරන ලොකු පෙරළියක් වෙයි කියලයි ක්ෂේත්‍රයේ අය කියන්නේ.
ඔයා 2021, 2022, 2023 හෝ 2024 කියන වර්ෂවලදී විද්‍යා (Science) හෝ ගණිත (Maths) විෂය ධාරාවන්ගෙන් උසස් පෙළ (A/L) ලියලා සමත් වෙච්ච කෙනෙක් නම්, මෙන්න ඔයාට හෙද නිලධාරියෙක්/නිලධාරිනියක් වෙන්න පුහුණුවට ඇතුළත් වෙන්න වාසනාව තියෙනවා.
ලංකාව පුරා ඉන්න දක්ෂ වගේම සුදුසුකම් ලත් 3,000ක තරුණ පිරිසක් මේ හරහා සිසු හෙද පුහුණුව සඳහා තෝරා ගැනීමට නියමිතයි.
මේකට අයදුම් කරන්න ලොකුවට රස්තියාදු වෙන්න ඕනේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.health.gov.lk එකට ගිහින් ඔන්ලයින් (Online) ක්‍රමයට ඔයාගේ ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන්.
හැබැයි මතක තියාගන්න, අයදුම්පත් භාරගැනීම මැයි මස 29 වැනිදා ඉඳන් පටන් අරන් තියෙන්නේ. ඒක අවසන් වෙන්නේ ලබන ජුනි මස 30 වැනිදායින්. ඒ කියන්නේ ඔයාට තව මාසයක විතර කාලයක් තියෙනවා වැඩේ කරගන්න.
අමාත්‍යාංශය කියන විදියට ඇප්ලිකේෂන් දාපු අයගෙන් සුදුස්සන් තෝරාගෙන, සම්මුඛ පරීක්ෂණ (Interviews) ඉවර කරලා, මේ 2026 වර්ෂයේ අගභාගය වෙද්දීම පුහුණුවීම් කටයුතු ආරම්භ කරන්න සේරම ප්ලෑන් ලෑස්ති කරලයි තියෙන්නේ.
ලංකාවේ දැනටමත් 43,553ක හෙද බලකායක් වැඩ කරද්දී, මේ පාර ගන්න 3,000ත් එක්ක 2029 වෙද්දී හෙද සේවයට 13,600ක් එකතු කරගන්න එක තමයි රජයේ ඉලක්කය.