ඒ වෙන මුකුත් නෙවෙයි, හැමදාම අපේ රුපියල රවුම් ගස්සන අමෙරිකානු ඩොලරය ආයෙමත් වතාවක් ඉහළටම ගමන් කරන්න පටන් අරන්.
පසුගිය දින කිහිපයේ යම් ස්ථාවර මට්ටමක තිබුණු ඩොලරයේ මිල, අද (03) වෙනකොට රුපියල් 337 සීමාවත් පසුකරලා ඉදිරියටම ගිහින් තියෙන බවයි වාර්තා වෙන්නේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සටහන් වෙලා තියෙන්නේ රුපියල් 328.00ක් විදියටයි.
හැබැයි වඩාත්ම කතාබහට ලක්වෙන්නේ මෙන්න මේ මිලයි. ඒ තමයි ඩොලරයේ විකුණුම් මිල රුපියල් 337.97ක් දක්වා ඉහළ යාම! මේකත් එක්ක ඩොලරය මිලදී ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට නම් සාක්කුවට ටිකක් තදින් වදින නිවුස් එකක් වෙන එක නවත්තන්න බැහැ.
ඊයේ (02) මහ බැංකු වාර්තාවලට අනුව ඩොලරයක ගැනුම් මිල තිබුණේ රුපියල් 326.75ක් විදියටයි. ඒ වගේම විකිණුම් මිල සටහන් වුණේ රුපියල් 336.60ක් ලෙසයි.
නමුත් පැය 24ක් යන්නත් මත්තෙන් ඩොලරයේ මිල මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ යාම ආර්ථික ක්ෂේත්‍රයේ වගේම සාමාන්‍ය ජනතාව අතරත් ලොකු කතාබහක් නිර්මාණය කරලා තියෙනවා.
ඩොලරය මෙහෙම ඉස්සුවාම ඉතින් ඉස්සරහට මොන වගේ බඩු මිල ඉහළ යාම්වලට මුහුණ දෙන්න වෙයිද කියලා හැමෝම ඉන්නේ පොඩි නොසන්සුන්කමකින්.