ඒක සාමාන්‍ය දෙයක් වුණත්, මේ හැමෝම අතරින් වෙනස්ම විදිහකට හිතලා මුළු රටේම ආදරය සහ ගෞරවය දිනාගත්තු අපූරු තරුණයෙක් ගැන මේ දිනවල සමාජ මාධ්‍ය හරහා දැඩි කතාබහක් ඇතිවෙලා තිබෙනවා.
මේ ආදරණීය පුතා, තමන්ගේ යතුරුපැදියේ ආදරණීය අම්මාව ඉතාමත් ආරක්ෂිතව තබාගෙන, ඇයට හෙල්මට් එකක් පවා පලඳවලා ඇයවත් එක්කම දන්සල් වඳින්න සහ ඇවිදින්න එක්කන් ඇවිත් තිබෙනවා. තමන්ගේ ජීවිතේ හැම සතුටකදීම මව්පියන්ව මඟහරින වත්මන් සමාජයට මේ පුතා දීලා තියෙන්නේ වචනවලින් විස්තර කරන්න බැරි තරම් වටිනා ලොකු ආදර්ශයක්.
අම්මාගේ මුහුණේ තියෙන ඒ අහිංසක, සැබෑ සතුට පිරුණු හිනාවයි, පුතාවයි දකිද්දී ඕනෑම කෙනෙකුගේ හදවත උණු වෙනවා නියතයි. තමන්ගේ ලෝකයම අම්මා කරගත්තු මේ පුතාගේ සෙල්ෆි ඡායාරූපය දුටු බොහෝදෙනෙක් පවසන්නේ, මව්පියන්ට මුල් තැන දෙන මෙවැනි දරුවන් මුළු මහත් සමාජයටම ආශිර්වාදයක් බවයි.